(සුජිත් හේවාජුලිගේ )
තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නැතැයිද ඔහු සඳහන් කළේය.
තමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන පුවත අසත්‍යයක් බවත් මෙම ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා අස්වන බවටවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු ඉදිරියේදී වෙන්නේ මොනවද කියලා...! මේ කියන කතා ලේඛනගතකරලා තියාගන්න. පසුවට ආයෙමත් පලකරන්න.
ඉදිරියට කියාවි අප්පච්චිගේ පාර්ශවය සාධාරණ ඉල්ලීමක් කළා.. එමනිසා මම සංවේදී වුණා... ඒක නිසා මම අප සියලු දෙනාගේම යහපත වෙනුවෙන් මෙම තීරණය ගත්තා කියලා...
ළඟදී මිහින්තලේ එහෙම යන්න අදහසක් නැද්ද? බණ ටිකක් අහගෙන ඉන්න...!
මෙයා පින් අගමැති නාකියා. බලාගෙන ඉන්න ඔයාට වෙන්නේ අල්ලපු අත්තත් නැතිවෙලා පයගහපු අත්තත් නැතිවෙලා රෙද්දත් නැතිවම ගෙදර දුවන්න. මොනවද මේ රටට කරලා තියෙන්නේ...?
ඉල්ලා අස්වෙන්න අගමැතිකමකුත් නෑ නොවැ...!
ඉල්ලා අස්වන්න අගමැති කෙනෙක් ඉන්න එපායැ...
කවුද පිළිගන්නේ ඔයා අගමැති කියලා...!
ඔයාට කියන්නේ බොරළුගොඩ කියලා...
බොරුනේ කියන්නේ... අරයා ඔය අගමැතිකම ඉල්ලුවොත් දෙනවනේ...!
බොරළුගොඩ සිංහයාගේ පුතා.. කියන්නත් ලැජ්ජයි. මෙයාගේ DNA පරීක්ෂණයක් කරන්න වෙනවා එයාගේම පුතෙක්ද කියලා බලන්න...
පින් අගමැති සහ පින් මන්ත්‍රී පුත්‍ර දෙදෙනාම අයින් වෙන්න ඕන නෑ. පයින් ගහලා පන්නල දායි...!
ආ බොරළුගොඩ... මෙච්චර දවස් කළේත් නරි වැඩ නෙවෙයිද? බංකු හොරා කියකියා බැනපු එකට දැන් ඔය හොඳට නැට්ට වනාගෙන ඉන්නේ. නරියටත් අන්තයි...
මෙයාට හම්බ වුණු කනා ශොට් එක මෙයා දාලා යයිද..? මේකත් හරියට ගෙයි දෝසෙට නයි ආවා වගේ...
අනේ ඉතින් අස් නොවී හිටියා කියලත් ඉතින් වැඩක් තියෙයිද? මෙලෝ වැඩක් නෑ...
දෙන්නම එක පන්තියෙලුනේ ඉගෙන ගත්තේ... ආයෙ ඉතින් අහන්න දෙයක්යෑ...
පිනට ලැබුණු අගමැතිකම ලෙහෙසියෙන් අතහරින එක අමාරුයි. දේශපාලනේ අවුරුදු ගාණක් හිටියා කියලා. රටට වෙච්චි වැඩකුත් නැහැ...
ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක්...!