IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සංචාරක මඟ පෙන්වන්නා කුඩුත් සමග මාට්ටු

(කවීෂා ගරුසිංහ)

විවිධ වර්ගයේ මත්ද්‍රවය විශාල ප්‍රමාණයක් සමග සංචාරක මඟ පෙන්වන්නකු මැදකැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 අයකු බව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබී හෂිස් කිලෝ 01 යි ග්‍රරැම් 993 මිලිග්රැම් 720 ක් සහ මෙත්ඇම්පිටමින් නොහොත් අයිස් මිලිග්‍රරැම් 750 ක් 

පොලිසියට ලද තොරතුරක් මත මැදකැටිය ප්‍රදේශයේදී කළ සොදිසි මෙහෙයුමකදී සැක සහිත. ගමන් මල්ලක් රෑගෙන යමින් සිටි සැකකරු පරික්ෂා කිරීමේදී හෂිස් මත්ද්‍රව්‍ය අසුරන ලද ටින් තුනක් ඉටිකවර වල අසුරන ලද පාර්සල් දෙකක් ද සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබු ස්මාර්ට් ජංගම දුරකතනයක් ද,මත්ද්‍රව්‍ය කිරන ඩිජිටල් තරාදියක් මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලදයි සැකකරන මුදල් රුපියල් 81690ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගණන බලා නොමැති බව පොලිසිය පැවසිය. සැකකරුට මෙම මත්ද්‍රව්‍ය ලැබුනු අකාරය පිලිබදව විමර්ශණය සිදු කිරිමට පියවර ගෙන තංගල්ල පොලිස් ස්ථානාධිපති ජි.කේ.චන්ද්‍ර ජයවික්‍රම මහතාගේ උපදෙස් පරිදී පොලිස් කණ්ඩායමක් මෙම මත්ද්‍රව්‍ය වැටලිම සිදු කර තිබේ.

 



අදහස් (0)

සංචාරක මඟ පෙන්වන්නා කුඩුත් සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site