හඳුනා නොගත් වකුගඩු රෝගයකින් නාවුල ගමක් ලෙඩ වෙයි නාඋල පුබ්බිලිය ග්‍රාම සේවා වසමේ පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් මේ වන විට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වී තවත් පුද්ගලයන් තිස් දෙනකු පමණ මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටින බව ගම්මු පවසති. 14 August 2022
ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවකු මීටියාගොඩ කලුගේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 14 August 2022
2600 දුම්රිය ටිකට්ටුව 7600ට විකුණලා මහනුවර දුම්රිය ස්ථානයේ දී විදේශීය යුවළකට වැඩි මිලට දුමිරිය ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 August 2022
චීන නැවට හම්බන්තොටට එන්න අවසර යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අගෝස්තු 16-22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 13 August 2022
සදුදා සිට පාසල් සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් මේ මස 15 වැනි සදුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එම අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය. 13 August 2022
කොවිඩ්’ ආසාදිතයෝ 181 ක් අද හඳුනා ගැනෙති ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 181 දෙනකු අද (13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 13 August 2022
ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අරගලය අවසන් නැති බවත් අරගලය අවසන් යැයි සිතා දේශපාලඥයන් ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 13 August 2022
ඉන්දියාව ලංකාවට ගුවන් යානයක් තෑගි දෙයි ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ප්රදානය කිරීමට කටයුතු කර තිබේ. 13 August 2022
මැතිසබයේ කෑම වේලාවත් අඩු කෙරේ පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සඳහා වෙන් කරන කාලයද පැය භාගයකින් අඩු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 13 August 2022
ඩ්‍රෝනාව කඩා වැටීමෙන් ලක්ෂ 50ක් වතුරේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනු ලැබූ ඩ්‍රෝන යානය දියවන්නා ඔයට කඩා වැටීමෙන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් පැවසේ. 13 August 2022
ග්ලයිෆොසේට්වලට අවසර ලැබෙන ගැසට් නිවේදනයක් ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්‍රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 13 August 2022
ඛනිජ තෙල් සංශෝධන ගැසට්ටුව නිකුත් වෙයි ඛනිජ තෙල් විශේෂ විධිවිධාන( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 13 August 2022
සමාව ඉල්ලන ලිපියට රංජන් අස්සන් තබයි සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත්සන් තබා ඇතැයි වාර්තා වේ. 13 August 2022
මන්ත්‍රීවරුන්ට වන්දි දෙනවට නිලධාරී පිරිසකගෙන් ’’බකට්’’ ප්‍රචණ්ඩකාරී විසින් විනාශ කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවෙන් වන්දි ලබා ගැනීම අරගලයට සම්බන්ධ වූ ඇතැම් නිලධාරින් එම නිවාසවලට අදාල තොරතුරු ලබාදීම හිතාමතාම ප්‍රමාද කිරීම නිසා ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. 13 August 2022
යුවාන් වැන්ග් 5ට 16 වෙනිදා මෙරටට ඇතුළුවීමට අවසර හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 13 August 2022
ආනයන භාණ්ඩ තවදුරටත් සීමා කරන්නැයි ඉල්ලයි විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත. 13 August 2022
අද කාලගුණ තත්වය බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 August 2022
නැව් සමාගම් ඉන්ධන ප්‍රවාහන නැව් දිම ප්‍රතික්ෂේප කරයි ඉන්ධන සැපයුම්කරුවන් හත් දෙනකුට ඇමරිකානු ඩොලර් කෝටි 70ක පමණ මුදලක් හිඟ ණය වශයෙන් ගෙවීමට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වාර්තාවක් මගින් රජයට දැනුම් දී ඇත. 13 August 2022
පොලිස් ත්‍යාග මුදලින් කෝටි 117ක් නඩත්තුවලට ඉල්ලයි පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සහ වාහන අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය මුදල් නොමැති බැවින් පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් කෝටි 117 ක පමණ මුදලක් වියදම් කිරීමට මහජන ආරක්ෂක ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත. 13 August 2022
අයිස් මත් ද්‍රව්‍ය සමග අයෙක් මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය සමග පාතාල සාමාජිකයකු පානදුර අළුබෝමුල්ල මහබෙල්ලන හන්දියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ පවසයි. 13 August 2022
ගෝඨාභයට දැඩි රැකවල්:හෝටලයෙන් පිටව නොයන්නැයි ඉල්ලයි තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැඳී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී ඇතැයි එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය. 12 August 2022
රිවෝල්වරයක් සමග අයෙක් සැකපිට ගම්පහ - ජාඇල මාර්ගයේ නගරයට ආසන්න නිවෙසක තිබී විදේශයක නිශ්පාදිත 9 මිලි ලීටර් ප්‍රමාණයේ රිවෝල්වරයක් සමග පුද්ගලයකු , ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 12 August 2022
අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නවා මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර මංගල්‍යය අවසන් බව සැල කරන සාම්ප්‍රදායික උත්සවයේ දී පැවසීය. 12 August 2022
දළදා පෙරහර අවසන් බව ජනපතිට දැනුම් දෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව ජනාධිපතිවරයාට සැළ කිරීමේ සම්ප්‍රදායික උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේ අද (12) පස්වරුවේ පැවැත්විණි. 12 August 2022
දේශබන්දුගෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිට දුරකථන ඇමතුමක් ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල්වලට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට දුරකථන විශ්ලේෂණ මගින් අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාඅධිකරණය හමුවේ අද (12) දැනුම් දුන්නේ ය. 12 August 2022
හදිසි නීතිය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට අවසර ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති හදිසි අවස්ථා රෙගුලාසි බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු තිදෙනෙකු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබා දුන්නේය. 12 August 2022
උදයංගගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ඉවතට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටින රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය. 12 August 2022
පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වාට නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කර ඇත. 12 August 2022
පාස්කු වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර වශයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදලක් ලබා දී ඇති බව කොළඹ අගරදගුරු පදවිය පවසයි. 12 August 2022
කෙලී ට්‍රීසන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනැයි රීට් පෙත්සමක් අරගලයට සහභාගී වීම හේතුවෙන් සිය වීසා කාලය අවලංගු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි සඳහන් කරමින් ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර් මෙනවිය අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් අද ගොනු කරනු ලැබීය. 12 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026