(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ අංක තහඩුවක් සවිකළ මෝටර් රථයක් වැල්ලම්පිටිය නිවසකින් සොයාගත් බව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
ව්‍යාජ අංකයක් සවිකළ මෝටර් රථයක් වැල්ලම්පිටිය නිවසක ඇති බවට ලද තොරතුරකට අනුව මෙම මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෝටර් රථ අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විමසීමේ දී මෙම අංකය වෙනත් මෝටර් රථයක බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
මෝටර් රථය ළඟ තබාගෙන සිටි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මෝටර් රථය ඔහු බණ්ඩාරගම ප්‍රදේශය පුද්ගලයකුගෙන් මාස 4 ක ගිවිසුමක් අනුව ලක්ෂ 20 ක් මුදලකට ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
නීතිඥවරයකු ඉදිරියේ මාස හතරකින් බේරාගන්නා බවට පොරොන්දු වී අත්සන් කළ ගිවිසුමකට අනුව බණ්ඩාරගම පුද්ගලයා මෙම මෝටර් රථය මොහුට ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හොර අංක ගැසූ වාහනයක් වැල්ලම්පිටියෙන් අල්ලයි