(ඉන්දිකා රාමනායක)
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත් , ජාතික ජනබලවේගයේ පෙළාපාලිය පොලිස් නවතා දැමුවද ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධායක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අවසර ලබාගෙන සාමාකාව පවත්වන උද්ඝෝනවලට පොලිසිය කිසිදු බාධාවක් සිදු නොකරන බවත්, මාර්ග, පෙළපාලි යාමට අවසර හිමි නොවන බවද හෙතෙම කියා සිටියේය.
ඒ සදහා ඔවුන්ට නිදහස තිබෙන බවත්, මීට දින කිහියකට පෙර හයිට්පිටියේ වෘත්තිය සමිති කිහිපයක් පැවත් වු රැස්වීමට පොලිසිය කිසිදු බාධායක් සිදු නොකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඕනෑම පක්ෂයකට හමු පැවැත්වීමට, රැස්වීම් පැවැත්වීම , හැකියාව ඇති බවත්, හෙතෙම කීය.
ජනබලවේගය සමාජිකයන් විහාර මහාදේවි උද්‍යාපනය හා ඒ අවට රැදී සිටීමට හා ලිෆ්ටන් වටරවුමේ රැස්වීම් පැවැත්වීමට පොලිසිට කිසිදු බාධායක් සිදු නොකළ බවත්, මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කරමින් පෙළපාලි නොයන ලෙසට පොලිසිය ඔවුන්ට දැනුම් දී එම පෙළපාලිය නැවැත්වීමට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් නැහැ කියලා ඡන්දය වළක්වන්න හදන ගමන් ඡන්දයක් තියනවා කියලා ජනතාව මර්ධනය කරනවා.
* මැතිවරණයක් පවත්වන්නේ නැත * කියල ප්‍රකාශයට කිරීමෙන් පසු තමයි ජනතාව පාරට බැස්සෙ ! ඒ පිළිබඳ සඳහන් පුවත්පත් අප සංතකයෙ ඇති බවද අමතක නොකරන්න !
පින් ජනාධිපති කිව්වේ මැතිවරණ නෑ කියලා
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ අපූරු කතාවක් නේද ? කොහේද මැතිවරණයක් තියෙන්නේ.රටේ ජනපති පාර්ලිමේන්තුවේ කියනවා කල් දාන්න ඡන්දයක් කොහින්ද කියා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙනස්ම දෙයක් කියනවා.
ජනපති කියන්ව කල් දමන්න චන්ඩයක් කොහෙද කියල ? පොලිස්පති කියනව චන්දයක් ප්‍රකශ කර අති අවස්තවක පෙලපාලියම තහනම් කියල ? චන්දයක් ප්‍රකාශ කරයි නම් පොලිස්පති තුමනි චන්දය පැවැත්වෙන දිනය ඔබ දන්නවද?
කොහෙද යකෝ... ඡන්දයක් උඹලා ලොවන හොර නායකයා පාර්ලිමෙන්තුවේ කිව්වේ... ගහන්න ඕනි උනාම ඡන්දෙ පිටදානවා... තොපි වගේ නිවට රැළක්.... ලැජ්ජයි මහජන බදුමුදලින් පඩි ගන්නවට...
එතකොට ඇස් වලින් කඳුළු ආවේ හඳුන්කූරු පත්තු කරල වෙන්න ඇති? ඒ වගේම අර වතුර විද්දේ සෙල්ලම් වතුර පිස්තෝල ( වෝටර් පිස්ටල් ) වලින් විඳලද?
පවතින දූෂිත ක්‍රමවලින් යැපෙන අය ක්‍රමය සාධාරණීකරණය කරයි, තල්දූව ඔබ එයින් එක් අයෙක් පමණි.
පිනාධිපති කියනවා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැතෙයි කියලා .මේ බූරුවා කියනවා මැතිවරණයක් ප්‍රකාශ කරලා කියලා .මුන් ඔක්කොම හරක්
මෙයා මොනවා කියනවද මන්දා?අරහේ ලොක්කා කියනවා මැතිවරණයක් නැහැ කියලා.මෙයා කියනවා මැතිවරණයක් තියනවා කියලා
ජනාධිපති කියනවා මැතිවරණයක් නැහැල්ලු .ඔයා කියනවා මැතිවරනයක් තියනවලු .මක්කයි මේ ඔහෙලා දොඩවන්නේ ?පිස්සුද ?හැටිද ?කොලොප්පන්ද?
ඇයි පිං ජනාධිපතිය කිව්වේ මැතිවරණයක් කඩවල නැහැ කියල. හිනා යනවා. එක්කෝ පොලිසියට පිස්සු. කොහොමත් පිනට පිස්සු. පොලිසිය තම වැඩිපුරම නීති විරෝධී වැඩ කරන්නේ. මේවා මේ පත්තරේ දාන්නේ නැහැ. කතෘ ටවත් බලන්න.
ජනාධිපති කියනවා මැතිවරණයක් නැහැ කියල . පොලිස් ප්‍රකාශක කියනවා තියෙනවා කියල . දැන් කාටද පිස්සු
මැතිවරණයක් නෑ කියලා අටවන ජනාධිපතියා පාර්ලිමේන්තුවේ කියපු නිසානේ පාරට බහින්න සිද්ධ උනේ.
මැතිවරණයක් ප්‍රකාශ කරලා නෑ, ප්‍රකාශ කරන්න මැතිවරණයක් නෑ.
වස්සෝ.. උඹේ මහ එකා කීවා නේද කොහේ තියෙන මැතිවරණයක් ද කියලා?? දැන් උඹ උඹේ ආච්චිගේ රෙද්දක් ද කථා කරන්නේ. යකෝ.. බොරුව උනත් හරියට කරපන්. මේකේ පොහොට්ටුවටයි, ගූ ඇම්පියටයි මේ ටික.. ඕකුන්ට කඩේ යනවට වැඩිය හොදයි ගූ පුච්චලා කාපල්ලා
පෙලපාලි නීති විරෝධී වෙන්න මැතිවරණයක් කොහෙද? ඇයි ලොක්ක කිව්වෙ නතර කරන්න මැතිවරණයක් නැහැ කියල? තමුන්නැහැ විකාර දොඩවනව.
මහ උන් ඡන්දයක් නෑ කියනවා .ඒ අතර මහජන විරෝධතා වලට තහංචි දානවා .ඡන්දයක් තියනවා කියලා අසීලාචාර රටක් වෙලා හොඳට තිබුන රට
මැතිවරනයක් ප්‍රකාශයට පත්කරන්න මැතිවරණයක් තියෙන්න එපායැ.
මෙයා නීතිඥයෙක් නේද . දැන් ඔය ලිප්ටන් එකේ තිබුණ එකට අවසර දුන්නා ද. එතන මාර්ග අවහිර නොවුනද. කඳුළු ගෑස් ගහල මිනිස්සු මරන්න නීතිය ඉඩ දීලද.
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට
"මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත්" වැරදුනාද ?
බෙරෙ වැවෙ වතුර ගැහුවෙ නීතිගරුකවද? ජාතික දනය කොල්ල කමින් සියලු සැප සම්පත් විදින පාලකයන්ට ගස වු දු දරුවන්ගෙ අනාගතය ගැන හිතල මතිවරනය අවලංගු කල නිසයි ගටලුව මතු උනේ
ජාජබේ කියාගෙන අලුත් නමකින් හිටියාට මේ ගොල්ලෝ පර ජෙප්පොම තමයි. ලේබල් මාරු කලාට පරණ කසිප්පුම තමයි. කලොත් කරන්නේ නීති විරෝදී වැඩ. හැබැයි පහර වදී කියලා සිතෙන තැන් වල ඉදිරියෙන් යන්නේ නැහැ. ඉස්සරහට දමන්නේ බිලි බෝයිස්ලා. අර එකෙක් වතුර වැදිලා දියවෙලා ගිහිල්ල තිබුනේ.
මෙතුමා අන්දකයිප්පු කාලද මන්දා "කොහේ තියන මැතිවරණයක්ද ? අතිගරු ජනපති තුමාම කිව්වා නෙව මැතිවරණයක් නැහැ කියල මේ වගේ නිලදාරින්ට විරුද්ධව වහාම විනය පරීක්ෂණයක් තියන්න ඕන ජනතාව නොමග යවන සුළු ප්‍රචාර කරනවා කියලා
අර නිශාන්ත කියන පුත්තලං බූරුවායි, ජංගි ඉරාජ් දෙන්නා කියනව පොලීසිය ගැහුවේ බේරේ වැවේ වතුර කියලා...... දැං වතුර අරගන්නේ බේරේ වැවෙන්ද....මේ පිලිබදව හොයා බලන්න ඕනේ.....තව ටික දවසකින් ආංඩුව ඇසිඩ් කවලං කරලා වතුර ගහන්නත් බැරි නෑ
තල්දූවට පිස්සු ,රනිල් කියනවා චන්දයක් නැහැලු .තලයා කියනවා චන්දයක් ප්‍රකාශ කරලා තියන වෙලාවේ පෙළපාලි තහනම්ලු .එලෝ විකාරෙන් මෙලෝ අත ගානවා .ලොක්කා බයිලා කෙලින් නැතුව ඉන්නවද .දන්නැත්නම් දන්නා කෙනෙකුගෙන් මහගෙන මාධ්‍ය හමු තියන්න
ජනාධිපති රනිල් කියනවා මැතිවරණයක් පුකාශ කරලා නැහැ කියල. දැන් තල්දූව කියනවා මැතිවරණ යක් පැවැත්වීම පුකාශ කරලා කියල.. මේ පොලිස් කාරයා කාරයා කබරගොයා තලගොයා කරන මිනිහෙක්.