(එස් .ඩී. කොඩිකාර)
සැකකරුවකු සමග පොලිස් බාරයට ගත් විශාල ඇත් දළ යුගළය තමාගේ නිවෙසින් අතුරුදහන් වූ ඇත් දළ යුගලය නොවන බවට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා අද තහවුරු කර ගත්තේය.
ඒ මෙම සිද්ධිය සම්බන්ධ නඩුව මොරවක මහේස්ත්‍රාත් ගිහාන් බුද්ධික බස්නායක මහතා ඉදිරියේ අද (27) කැඳවූ අවස්ථාවේ මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව අධිකරණ නිලධාරීන් ඉදිරියේ එම ඇත් දළ යුගල හඳුනා ගැනීමට මන්ත්‍රිවරයා අවසරය ලැබිණි.ඒ අනුව එය පරීක්ෂා කළ ඇමැතිවරයා එය තමාගේ නිවසින් සොරාගත් ඇත් දළ යුගල නොවන බවට තහවරු කර ගත් අතර මෙම නඩු විභාගය ජූනි 19 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් පිටව යද්දී අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙසේ පැවැසීය.
මගේ ගේ ගිණි තියපු වෙලාවේ නිවසේ තිබූ ඇත් දළ ජෝඩුවක් අතුරුදහන් වුණා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඉකුත් (12) වන දින ඇත්දළ ජෝඩුවක් අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුණා.
ඒක නිවසේ තිබී නැතිවුණු ඇත් දළ ජෝඩුව දැයි සොයා බැලීම සඳහා අධිකරණයෙන් අවසර ලැබුණා.
මහේස්ත්‍රාත් වරයාගේ අවසරය මත රෙජිස්ටාර් ඉදිරියේ එය පරික්ෂා කළා. එම ඇත් දළ ජෝඩුව පරික්ෂා කිරීමෙන් අනතුරුව එය තමන්ගේ නිවසේ තිබී අතුරුදහන් වූ ඇත් දළ ජෝඩුව නොවන හෙයින් නැවත පිටව යනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇත් දළ සොයා ගිය ලොකුගේ හිස් අතින් එයි
සෙනෙවිරත්න Monday, 27 February 2023 09:26 PM
ඔය ඇත් දළ වලට අයිතිවාසිකම් කියන මහත්මයට ඕක ලැබුන හැටි හෙව්වා නම් ඒකත් නීත්‍යානුකූල නොවන බව පෙනේවි. පන්සලක කෝවිලක තිබුනට ගෙවල්වල තයෙනවා නම් ඒක දේශපාලන බලය මත කෙරුණු දෙයක් මිස ඔය කියන මහත්මයා පරම්පරා ගත පොහොසත් වලව්කාරයො නෙවෙයි. 77 මජර දේශපාලනයෙන් බහිවෙච්ච තවත් ජරා ජීවිතයක් ඕක. ඔය තුමාගෙ අතපය පණ තයෙන කාලෙ හැසිරිච්ච හැටි මතක ඇති.
swene Tuesday, 28 February 2023 06:03 AM
ගෙවල් ගිනි තැබීම හොඳ දෙයක් නොවුවත්, එතුලින් මෙවැනි දේශපාලකයින්ගේ ඇතැම් වත්කම් හෙලිවුවා
Chathuri Tuesday, 28 February 2023 06:50 AM
එතකොට ලොකුගේ කියන රෑනේ එකාට ඇත්දල කොහෙන්ද ලැබුනේ .නීත්‍යානුකුලව අසරන ඇතා මරලද දල ගත්තෙ. මොහුට එක නීතියක්. එයාට අදුන ගන්නත් ඉඩ දීලා. පුදුම උසාවි නේ මේවා. මේ වගේ රටේ මුදල් මේ විදියට පුජා කරලා. හම්බ කරපු දෙවල්. පන්සලේ ඉදිරියෙන් ඉන්නෙ සත්තු මරන පින්වන්තයෝ
vira Tuesday, 28 February 2023 08:33 AM
එහෙම තියාගන්න එයාට පුළුවන් අපිට බෑ
ඇතා දල ගේ පොඩිගේ Tuesday, 28 February 2023 09:53 AM
"අහෝ ලොකුගේ - නොලදි ඇත් දල " (හූ හූ .....)
Kumara Tuesday, 28 February 2023 11:31 AM
පලයන් මයිනලාගේ ගෙදර
දාස Tuesday, 28 February 2023 12:53 PM
මුට ගිනි බෝල දෙකක් අතට දෙන්න තිබුනෙ
weerasinghe Tuesday, 28 February 2023 02:16 PM
එදා පිළියන්දල බාර් හන්දියේ පොකට් ගහපු එකාට කොහෙන්ද ඇත් දල ලැබුනේ ? සොත්ති උපාලිලා, අග්ගොන චන්දරෙලා , ගෝනවල සුනිල්ලා එක්ක හිටපු කාලේ අනිවාර්යයෙන්ම කාගෙන් හරි උස්සපු එකක්.