IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ස්වාධීන කොමිෂන් සභාවලට අයදුම්පත් 1600ක්

(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් 1600ක් පමණ ලැබී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර කොමිෂන් සභා සඳහා සාමාජිකයන් තේරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

අයදුම්පත් යොමුකළ පිරිසෙන් මුලික සුදුස්සන්ගේ ලේඛනයක් සකස් කිරීමෙන් අනතුරුව  සාමාජිකයින් තෝරාපත් කර ගැනීම  කෙරෙනු ඇතැයිද   ඇතැම් අයදුම්කරුවන් කොමිෂන් සභා දෙක තුනකට අයදුම්පත් යොමු කර ඇති හෙයින් සුදුස්සන් තෝරා ගැනීම  තරමක්  සංකීර්ණවී ඇතැයිද  පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ අනුව සුදුස්සන් තෝරාගැනීමේ  කටයුතු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ලෙස පත් කෙරුණු සිවිල් සමාජයේ  විද්වතුන් තිදෙනාගේ සහාය ලබා ගැනීමටද  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇත.

මේ අතර ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීම ඉදිරි සතියේදී කෙරෙනු ඇතැයි  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කරනු ලැබීමට අදාළ මූලික වටයේ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.  කෙසේ වෙතත් සාමාජිකයන්  පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින්  මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවයක් පත් කරනු ලැබීමට  නියමිතය. මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණන කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව සහ  විගණන කොමිෂන් සභාව  එසේ පත් කෙරෙන සෙසු කොමිෂන්  සභා වෙයි.



අදහස් (0)

ස්වාධීන කොමිෂන් සභාවලට අයදුම්පත් 1600ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site