IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පින්වත්තේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙක් මරුට

( සුමිත් පොතුපිටිය,  සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පානදුර , පිංවත්ත ටි ඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි.

සුඛෝපභෝගී ජීප් රථයකින් ගාලු පාර දෙස සිට මුහුදුබඩ මාර්ගය දෙසට ගමන්කර ඇති ජීප් රථය යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව  ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ ව්‍යාපාරිකයා රියදුරු අසුනේම මියගොස්  සිට ඇති අයුරු දැකගත හැකි විය.

සම්පත් කුඩාගොඩ නමැති 56 හැවිරිදි කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

මියගොස්  ඇති තැනැත්තා කඩවත ප්‍රදේශයේ රට බීම හලක හිමිකරුවෙකු බවත් පොලිසිය කීය.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් වෙඩි තබන්නට ඇති බවට සැක පළ කරන බවත් ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරනු ලබයි.

 



අදහස් (0)

පින්වත්තේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site