(නිමල කොඩිතුවක්කු)
ජාතික ජන ජනබලවේගයේ විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙළා දැක තිබේ.
ට්විටර් පණිවුඩයක් මඟින් විපක්ෂ නායකවරයා අදාල ප්‍රහාරයට සිය විරෝධය දක්වා ඇත.
"කිසිම නායකයෙක් හෝ පක්‍ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි.
අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනකුට බරපතල තුවාල සිදුවිය.
මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය.ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය." යයි ද එහි තවදුරටත් තව දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තාගේම පුතා. මෙයා බබා, මුකුත් දන්නේම නැහැ. අති විශාල පිරිසක් එනවා.., මොනවා කරයිද දන්නේ නැහැ ඔබතුමාට..? කියලා රනියාව බයකරලා ඇවිස්සුවේ ඔබ නොවෙයිද?
අනේ නිකං උඹ කිඹුල් කඳුළු හෙළන්නේ නැතුව හිටපන්.උඹ බබා.
උබ රටෙ මිනිස්සුන්ට කරන්ඩ කලින් උබෙ අම්ම අපෙන් කාල ඇදල සොමි ගන්න ඒක නවත්තපන්
හැමදාමත් කළේ විවිධ කාරණා හෙළාදැකීමමනේ... දැන්වත් මේ දූපතට ගැලපෙන හරි සැලැස්මක් ඉදිරිපත් කළොත් නරකද? නිකන් අඩුව පෙනෙන කතා නොකර... මීට වඩා නරකද විපක්ෂ ණය කාර්යාලයේ කෝටි ගාණක වියදම දාහකට අඩුකරගන්න බැලුවොත්...
හොඳ කියමනක්...!
ඔය 'හෙලා' ට මාට්ටු නොවී කිසිම දෙයක් කරන්න බෑනෙ . හෙලා මේ වැඩේ දිහා බලා ඉන්නව සජිත් දැකල.
ජෙප්පන්ට පමණක් නොවෙයි උඹලා ටත් ඔය හැන්දෙන්ම තමයි බෙදන්නේ