(දයාසීලි ලියනගේ)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පසුගිය වසර දහය ඇතුළත අධ්‍යන දීමනා වශයෙන් රුපියල් කෝටි අටසියයක් පමණ ගෙවා ඇති බව වාර්තා වේ.
එහෙත් මෙම අධ්‍යන දීමනා ලබන බොහොමයක් දෙනා තම විෂයට අදාළව පර්යේෂණ අධ්‍යන ඉදිරිපත් කර නැති අතර අවශ්‍ය කරුණු පරිශීලනය කිරීමක් ද කර නැති බව විගනන වාර්තා පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුපෙන් සියයට 30 මෙම දීමනාව වශයෙන් ගෙවනු ලබයි. අධ්‍යනදීමනා ලබන ආචාර්යවරුන්ගේ අධ්‍යන කටයුතු දියුණු කර ගැනීම සඳහා ඔවුන් කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම නොකරන බවද එම වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එක් දූෂණයක් විතරයි විශ්වවිද්‍යාල වල වන. ඇදුරනට පමණක් නොවේ මෙම දීමනාව විශ්වවිද්‍යාල තුල ලැබෙන්නේ. නිලධාරීන්ටත් මෙම පර් යේෂණ දීමනාව ලැබෙනවා. පුස්තාල නිලධාරීනුත් මේ දීමනාව ගන්නවා කිසිම අධ්‍යයන කටයුත්තක නොයෙදී. පාසල් ගුරුවරු මීට වඩා කාර්‍යයක් රටට කරනවා. ඔවුනට මේ කිසිවක් ලැබෙන්නේ නෑ. මේක මහජන මුදල් හොරා ගැනීමක්.
පිං ජනදිපතිගේ පිං පඩි ගන්න උපදේශක ගැනත් ඔයාගේ පත්තරේ ලියන්න
ලංකාවෙ සරසවි ලෝක මට්ටමේ ගත් විට තියෙන්නේ ඉතා පහල ශ්‍රෙණි ගත කිරිම් වල. ඒක එම සරසවි වලින් උපාධි ගත් අයට අවාසිය . ඒව ඉහල මට්ටමේ තියාගන්න තියෙන නිර්ණායක අතරෙ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉහල සුදුසුකම් බලපානව. එනිසා මේ වියදම ආයෝජනයක් වියයුතුය . රජයඊට එකඟ නැති නම් ඔවුන් වෙනත් රටවල විශ්ව විද්‍යාල වලට සම්බන්ධ වෙනව. බුද්ධි ගලනය නවත්වා ගන්න නම් මීට වඩා ඉදිරියට හිතන්න ඕන .
කෝප් කමිටු හිටපු සබාපතිත් පේරදෙනියේ දර්ශන දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙක්. එයත් අරගෙන තියෙනවා. කරපු වැඩකුත් නෑ. හැබැයි එයාත් මේ ගැන ලොකුවට කතා කරපු කෙනෙක්.
ඕකට තක්කඩිකම් කරන අනධ්‍යන ඇඩ්මින් ස්ටාෆ් එකට ගෙවන බොරු දීමනා හොයල බලන්න. මෙලෝ දෙයක් නොකර එයාල ගන්න වරප්‍රසාද බලන්න. ලෙක්චර් කෙනෙක් රිසර්ච් එකක් කොහොමත් කරන්න ඕන. අරුන් ටික සල්ලි බා ගන්නේ මොනවත්ම නොකර.
මම හිතන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව පර්යේෂණ දීමනාව ප්‍රයෝජනයට ගනිමින් යම් දුරකට වැඩ කරනවා. මෙය අඩු වියදම් පරිභෝජන භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට උපකාරී වනු ඇත. නමුත්, අපි පර්යේෂණ ප්‍රතිපල සලකා බලන විට අපට විශාල ආධාර අවශ්‍ය වේ. අවාසනාවකට, අපි වසර 4 සිට 5 දක්වා එවැනි ප්‍රදානයක් ලබා දී නොමැති අතර අපට හොඳ පර්යේෂණ ප්‍රතිසාධනයක් ලබා ගත හැක්කේ කෙසේද.
පර්යේෂණ කටයුතු සඳහා අධ්‍යයන දීමනාව ගෙවනු ලබන අතර සෑම විද්‍යාර්ථයෙක්ම එම පර්යේෂණ කටයුතු සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
හැමෝම දේශපාලන නායකයින් වගේමයි. කවුරුවක්වත් රටට ආදරේ නෑ.. බොරුවට කිඹුල් කදුළු හෙලනවා. මේ වගේ තක්කඩි රැලක් ඉන්න රටක් කිසිදා ඉදිරියට යන්නේ නෑ...
සමහර විශ්ව විද්‍යාලවල අඳුරන්න තබා මහඇදුරන්ටවත් ඔවුන්ගේ විෂය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නෑ.
අපේ වි. විද්‍යාල ආචාර්යවරුන් අතර අවංකවම වැඩකරන ඇත්තටම හොඳ අය 5%ක් විතර ඉන්නවා. අනෙක් අය නිකන් කයිවාරු කාරයින් විතරයි. තමන්ගේ මඩිය කොහොමද තරකරගන්නේ කියන එක තමයි ඔවුන් බලන්නේ.... වරප්‍රසාද ගැන ලොකුවට කයිවාරු ගැහුවාට යුතුකම් හා වගකීම් ගැන කිසිම තැකීමක් නැහැ... වෙනත් රටවල වි.වී. ආචාර්ය වරුන් සමග අපේ රටේ වී වී ආචාර්යවරුන් නිසි සැසඳීමක් කළොත් පෙනේවි අපේ අය ඉන්නේ කොහේද කියලා. ඒනිසා මේ අයගෙන් 2% කටවත් වෙනත් හරිහමන් රටක වි විද්‍යාල සේවයට ඇතුළත් වෙන්න බැහැ... නමුත් බොරු කයිවාරු ගහනවා.. අපි මේ රට වෙනුවෙන් හිතලා තමයි රට දාලා නොයන්නේ කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. දන්නෝ දනිති වී විද්‍යාල ඇතුලේ සිද්ධවෙන දේවල්...
මෙතන මේ අධ්‍යයන දීමනා කියලා දාලා තියෙන්නේ පර්යේෂණ දීමනාව ගැන. අධ්‍යයන දීමනා ලැබෙන්නේ ලෙක්චර්ලලාට. වැඩේ තියෙන්නේ ඔය කොහොමත් කරනවා කියන රිසර්ච් එකයි, ළමයින්ගේ රිසර්ච් එකයි එකට යන්නේ කොහොමද? අවුරුද්දට මෙච්චර රිසර්ච් කළා කියන ලෙක්චර්ලා බලද්දී තමන්ගේ ශිෂ්‍යයින් කරපු ඒවා බර ගාණකට නම් දාගෙන අධීක්ෂණය කළා කියලා. තමන්ගේ දේශනයට එන්නේ නෑ... ඒක අලුත ආපු ඩිමෝ කෙනෙක්ට දීලා ටියුෂන්වලට යන අය කීයක් ඉන්නවාද? දීමනා අරගෙන සතියට පැය කීයක් උගන්වනවාද කියලා බලන්නේ නැත්තේ ඇයි...?