(තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)
ස්වාමී පුරුෂයා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගඟට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත්ගම පොලිසිය සදහන් කරයි.
බලංගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇල්පිටිය ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පැවැත ඇතැයිද සදහන් වේ.
අද පස්වරුවේ අවුරුදු 9 ක් වයසැති පුතා සහ අවුරුදු 1 යි මාස 6 ක් වයසැති ගැහැණු දියණිය දෙදෙනා රැගෙනවිත් බෙන්තර පාළම මත තබා පාලමට ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලිසිය කීය.
ජලාශයේ ගසාගෙන යමින් සිටි කාන්තාව, ඒ අසල රැදී සිටී තරුණයකු විසින් බේරාගෙන ඇතැයි සදහන් වේ .
මෙම කාන්තාව දැනට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. වැඩිමල් දරුවාට අවුරුදු එක හමාරක දරුවා බලා ගන්නැයි කියා එකවරම ගඟට පැන ඇති බව පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.
දරු දෙදෙනා මේ වන විට අලුත්ගම පොලිසිය රැගෙනවිත් ඇති අතර ඔවුනට අවශ්‍ය ආහාර පානාදියද පොලිසිය ලබා දී ඇත.
අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේරගත්තු තරුණයා ගැන කිව්වොත් නේද හොඳ?
එඩිතරව ගගට පැන මේ ස්ත්‍රියව බේරාගත් තරුණයාට මගේ ප්‍රණාමය. ඊළග බුදුවරයා පහලවිය යුත්තේ ලංකාවේ. මෙය එතරක්ම පිරිහුන රටක්. පොලවට වැදලා පපුවට ගහගෙන විනාශ කරලා දමපු රටක්.
දරුවෝ දෙන්නට මොකුත් කරදරයක් නැති එක ලොකු දෙයක්. . වෙන අම්මලා දරුවොත් ගඟට දාල තමන් පනින්නේ. මේ අම්මට දරුවෝ ගැන දුක හිතෙන්න ඇති. දැන්වත් තාත්තා අඬ දබර නොකර සාමයෙන් ජීවත් වෙයි. ඇයට ඉක්මන් සුවය ලැබේවා.
ගැහැනු මෙවන් දෙයක් කිරිමට පෙලබෙන්නෙ තම සැමියා වෙනත් ආදරයක් හටගත් විට දැන් මෙවන් දෙවල් බොහොමයක් කරන්නේ එත් ඔයා කරපුදෙ වැරදි මොකද දරුවන්ට මොකද වෙන්නෙ කියලා හිතුවද මෙවන් පියකු දරුවන්ට බලයිකියලා ඔයා මොඩයි උහින්දා ජිවිතේ නැතිකගන්න හදපුඑක.
දරුවන්ට අනතුරක් නොකරපු එක නම් හොඳයි.. එත් ගත්ත තීරණය වරදි.
පවු ඉතින් .එයාට ප්‍රශ්න දරාගන්න බැරි වෙන්න ඇති .ඒත් හිත හයිය කරන ජීවිතයට මුහුණ දෙන්න තිබුනා .මැරෙන එක නෙවී විසඳුම .දරු පැටවූ දෙන්නා පවු .දරුවන් ගැන ටිකක් හිතන්න තිබුනා.ජීවිතයට දෙයක් උනානම් දරුවෝ දෙන්නාගේ අනාගතේ අයියෝ පවු අනේ මේ තාත්තට දැඩි අවවාද කරන්න වෙයි
මෙහෙම ගොඩක් වෙන්නෙ ඉවසීම නැතිකම මොනව කලත් දරුවන් ට දුකක් වෙන්න දෙන්න හොද නැහැ ..එයාලට මොකුත් තව තේරෙන දරුවොනෙමේ....දරුවොගැන හිතල ඉවසන්න ඕනේ පියා මව .....මුදල් අගහිග කම් ඇති නම් ඒ බව පොලිසියට ඇවිත් කියල නීතිය මගින් දෙයක් කරල හරි ළමයිට යහපතක් කරන්න මේ මාසෙ තුල ඔයවගෙ සිද්දි රටේ ගොඩක් උනා..එහෙම වෙන්න මුල හිට්පු මහින්ද කියන නායකයගෙ වරද ..
දරුවන්ට අනතුරක් නොකර හෝ, දරු දෙදෙනත් සමග ගගට නොපැනී සතුටට කරුනක්. පවු අහින්සක දරුවො. දිවිනසා ගැනීම් ආඅරවුලට විසදුමක් නොවෙයි. දිවිනසා ගැනීම තමයි එකම විසඳුම කියල හිතන , අදහස් කරන් තවත් දරුවන් සිටින අම්මලා/තාත්තලගෙන් මම ඉල්ලා සිටින්ට කැමතී කරුනාකර දරුවන්ට කිසිම හිරිහැරයක් නොකර, ඔබගෙ කාර්ය ඔබම තනියෙන් කරගන්න. ඔබ ඉපදුනෙ තනියෙන්. මැරෙන්නත් ඔනෙ තනියෙන්.
පවුකාර ගෑනි මැරුණට කමක් නෑ දරුවන් දෙන්නාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබුනා
මෝඩ ගෑණි. අවුරුදු 9යේ දරුවා කොහොමද අවුරුද්දක් වයසැති කිරි කැටියාව බලාගන්නේ මේ ගෑනිට බලාගන්න බැරි උනානම්. අසරණ දරුවන් වදල අනාත කරන පාපතාරයෝ.
මොන විදිහේ ප්‍රශ්න ඇති උනත් ඒකට අහිංසක දරුවන් පාලි නෑ .දරුවන් නොමැති පිරිස් විඳින වේදනාව තේරෙනවානම් ඔහොම කරන එකක් නෑ .ප්‍රශ්න අදත් ඒවි හෙටත් ඒවි මැරෙනකම්ම ඒවි .ඒවාට සාර්ථකව මුහුණ දීලා දරුවන් රැකගත්තොත් ඊළඟ ආත්ම භවය කිසිම ප්‍රශ්නයක් නැති එකක් වේවි
සුපිරි කොල්ලෙක් හොඳේ...!
අපිටත් මැරෙන්න ප්‍රශ්න තියෙනවා... ඒත් දරුවන් වෙනුවෙන් අපි ඉවසන්න ඕනෑ... ප්‍රශ්න ඇතිවන තැනින් ඉවත්වෙලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවත් වෙන්න.
ගැටලුව තමාගේ නොවෙන තාක් විසඳුම් තාර්කිකයි. ඒ මොහොතේ එසේ කිරීම ඇය දුටු හොඳම විසඳුම වෙන්න ඇති. නමුත් දරුවන්ට හානියක් කිරීමට නොසිතීමම සහනයක්... කෙසේ නමුත් දැන් සියල්ලන්ම පණපිටින් ඉන්නවනේ. දැන්වත් තේරුම් ගනීවි...!
කොහොම වුණත් දරුවන්ගේ ජීවිත විනාශ කරපු නැති එක ගැන ඒ අම්මාට හොඳ කියන්න ඕනෑ...
මේක ගොඩක් අනුවේදනීය කතාවක්...
බෙන්තර පාලමෙන් පහළට පැන්න අම්මාට වැඩිදෙයක් සිදුකර ගැනීමට මට සිතී ඇත. හේතුව ජිවත් වෙන්න බැරිය...
මේ කාන්තාව බේරාගත් ඒ සම්‍යක් දෘෂ්ඨික දේවතාවා එක සමයෙක එක ආත්මයක එක හිතින් මැයට සෙනෙහස මුදා හැරපු වල්ලභ ස්වාමියා වෙලා ඉන්න ඇති...
මිනිස්සු හිතන්න ඕනෑ... මටත් ඔය ප්‍රශ්න තියෙනවා. මැරෙන්න හිතෙන වාර අනන්තයි... ඒත් මගෙ දරුවන් නිසා ඉවසනවා...
ප්‍රශ්නයක ඉන්න කෙනා විතරයි ඒකෙන් විඳවන තරම දන්නේ... තමන්ටත් ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණාම විතරයි අනිත් කෙනාගේ දුක, වේදනාව හඳුනා ගන්නේ...
මීට වැඩිය දේවල් අහන්න දකින්න ලැබෙයි මෙ ආර්ථික ප්‍රශ්න නිසා
හැමෝගෙම හිත හයිය නෑ. නැත්නම් මිහිපිට වටිනාම දේවන තමාගේ ජීවිතය නැතිකර ගන්නේ නෑ. අනුකම්පාවෙන් ඇය දෙස බැලිය යුතුයි. බේරගත් තරුණයාට බොහෝ පින්...!
ඇත්තටම එ අම්ම ප්‍රස්න නිස එහෙම කලාට දරුවන්ගෙ ජීවිත රැකගත්ත අම්මත් ඉක්මන් සුවය ලබන්න ඔනි ඇයව බේරගත්තු මිනිසා....උතුම්...කෙනෙක් දෙවිපිහිටයි.
මොනවා උනත් මොන දේ කරත් දරුදෙන්නා ගැන ටිකක් හිතන්න ඕනේ නේද
පනින්නට පෙර දරුවන් ගැන සිතන්න තිබුණා නේද???
දරුවන් වෙනුවෙන් මැරෙන අම්මා කෙනෙක් වෙන්න ඕනෙ.. අම්මා කියන නම දුන්නට පස්සෙ ආයි වෙන ප්‍රශ්න අදාල කරගන්නෙ නැති අම්මා කෙනෙක් වෙන්න ඕනෙ..ඒකයි මගෙ අදහස
තනියම ප්‍රශ්න විසඳන්න ගියාම වෙන්නේ ඔයවගේ දේවල්. තමන්ගේ හිතවත් කෙනෙකුට ප්‍රශ්නය කියන්න. ලොකු අනුබලයස්ල් ලැබෙනවා ප්‍රශ්නයට විසඳුමක් හොයන්න.