IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඥාතී සීයාගේ පිහි ඇණුමෙන් මිනිපිරිය මරු තුරුලට

(ජේ.කේ.එල්. චාමින්ද සහ    එම්.සුසිල් පියන්ත)

 රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ දි  මවකට සහ දියණියකට ඥාතියකු විසින් එල්ල කළ පිහි පහරකින් දියණිය මියගොස් මව බරපතල තුවාල ලබා ඊයේ (26) රාත්‍රි  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව රත්ගම පොලිසිය පවසයි.

ප්‍රේමසම්බන්දතාවයක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදු තිබේ.

එහිදි ඇතිවු  ආරවුලක් දුරදිගයාමෙන් මෙම පිහි ඇනුම වි ඇති බව පොලිසිය පවසයි.

පිහි ඇනුමට ලක්විමෙන් ඝාතනය වි ඇත්තේ බාදුරාකඩ ශරමිලා ලක්ෂානි (20) නැමති  රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ පදිංචි එක් දරුමවකි.

ඇයට අවුරුදු  දෙකක දරුවෙකු සිටින බව පොලිසිය පවසයි.

පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබු මව 42 හැවිරිදිවියේ පසුවන තැනැත්තියකි. සැකකාර පුද්ගලයා රත්ගම ප්‍රාදේශිය සභාවේ සේවය කරණ 55 හැවිරිදිවියේ පසුවන සුළු සේවකයෙකි.ඔහු මිය ගිය කාන්තාවගේ ඥාතී සීයා කෙනෙකුද වන බව පොලීසිය කියයි.

සැකකරුගේ 17 හැවිරිදි පුත්‍රයා  ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියාගේ නැගණිය සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය විසින් සිදුකරණු ලැබු විමර්ශන වලදි අනාවරණය වි ඇත.

 ප්‍රේම සම්බන්දතාවය සම්බන්දයෙන් කියනු ලැබු කේලමක් ඇසිම සදහා සැකකරු මෙකි නිවසට ගොස් ඇතිබව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

එහිදි ඇතිවු ගැටුමක් දුරදිගගොස් සැකකරු විසින් මවට හා දියණියට පිහියකින්  ඇන ඇත.

 

(ඡායාරූපය සුසිල් ප්‍රියන්ත)

 

 

 



අදහස් (2)

ඥාතී සීයාගේ පිහි ඇණුමෙන් මිනිපිරිය මරු තුරුලට

fairoos Monday, 27 February 2023 02:44 PM

ඉතාම කණගාටුයි... පොඩි දේකටත් මරාගන්න ජාතියක්...!

:       0       0

ruhune api Monday, 27 February 2023 03:27 PM

රත්ගම ලෙඩ සනීප කිරීමට කාලය එළඹී ඇත... එය ජාතික අවශ්‍යතාවයකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site