(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රක්වාන ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක් සහ දැරියන් දසදෙනකු වරින්වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එහි පාලිකාවගේ සැමියා රක්වාන පොලිසිය විසින් පෙරේදා 25 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ලිංගික අපයෝජනයකට ලක් වූයේ යැයි කියන මෙම තරුණිය සහ දැරියන් දසදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දැරියක් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු එම ළමා නිවාසයේ පාලිකාව ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පාසල් යවමින් ඇයට රැකවරණය ලබාදී ඇතැයි පොලිසිය කියයි.
මේ වන විට මෙම තරුණිය අවුරුදු 20 ක වයසේ පසුවන තැනැත්තියකි.
ළමා නිවසේ පාලිකාව නිවසේ නොමැති අවස්ථාවල ඇගේ සැමියා ඇය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය කියයි.
මේ සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීමේදී ළමා නිවාසයේ දැරියන් දස දෙනකුට සැකකරු ෙ වරින් වර ලිංගික අපයෝජෙවලට ලක්කර ඇති බවට තොරතුරු හෙළි විණි යැයි පොලිසිය සඳහන් කරයි.
බිරිඳ පාලිකාව වශයෙන් සේවය කරන ළමා නිවාසයට පැමිණි අවස්ථාවල මෙසේ මෙම දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පරීක්ෂවලින් හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු රක්වාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලමා නිවාස බොහෝමයක් එන්ජී ඕ හරහා පාලනය වෙනවා මේ සම්බන්ධව නිවැරදි අධීක්ෂණයක් රජයට නෑ ඒ වගේ ඉන්න ලමයි ඒ වගෙ ඉන්නවට වඩා හොදයි පාරේ හිගා කෑව නම් කියලා හිතෙනවා ඇති පොඩි උන්ට, කවුද මේවා ගැන හොයලා බලන්නේ ප්‍රශ්නයක් ආවට පස්සේ දඟලනවා ඊට පස්සේ ඔක්කොම අමතකයි
මුගේ අරක තමයි අරක කියන්නෙ.
ස්වාමියාගෙ නරක හැසිරීම නිසා එම පාලිකාවගෙ සහ පවුලෙ අයගෙ කීර්තිනාමයන්ටත් බරපතල කැලැලක් සිදු විමෙන් ඔවුනට සමාජයට මුහුන දීමට නොහැකි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. කාමයෙ වරදවා හැසිරීමෙ විපාක මිනිසුන්ගෙ ජීවිත උඩු යටිකුරු කරනව.. නින්දා අපහාස විදින්නට සිදුවෙනව.
අනිවාර්යයෙන් මුගේ ශිෂ්ණය කපාදමා ජීවත් වන්නට දෙන්න
මෙහෙමත් කාලකණ්ණින්... නිසි දඬුවම් නොමැතිවීම මෙම අපරාධවලට මුලයි.