
(උපුල් හේරත්)
"අභිනව නිවහල් පෙරමුනේ" සමාරමිභක උත්සවය අනුරාධපුර ඵෙතිහාසික රැවන්වැලි සෑය ඉදිරිපිට ආශිර්වාද පුජා පවත්වමින්, දැවැන්ත ධජයක් යන්තුනුශාරයෙන් ඔසවා එහි සියළු වැඩ කටයුතූ ආරම්භ කළේය .
ඓතිහාසික රුවන්වැලි මහා සෑය ඉදිරිපිටට පැමිණි අනුරාධපුර ගලෙන්බිඳුනුවැව පදවිය ශ්‍රී පුර කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි දෙසියකට ආසන්න ප්‍රමාණයක් ඊට සහභාගී වූහ.
අභිනව නිවහල් පෙරමුණේ වර්තමාන නායක ආචාර්ය කපිල සපුමල් බංඩාර පැමිණිමුල්ල, සභාපති ආචාර්ය අජිත් කොලොන්න ,ජාතික සංවිධායක ලාල් කුමාර,නියෝජ්‍ය ලේකම් සමන් නාහල්ල ,උප ලේකම් එචි.එමි. කීර්තිරත්න බණ්ඩාර ,භාණ්ඩාගාරික කේ ඒ ජනක් ගඟනාථ ගුණරත්න ,ප්‍රවර්ධන සභාපති රුවන් අනුරුද්ධ යන මහත්වරු සමඟ ගෞරවනීය අනුශාසකත්වය ලබා දෙනු ලැබූයේ පාගොඩ ජන්තවංශ හිමියන් විසිනි .
ආචාර්ය අජිත් කොලොන්න ,ලාල් කුමාර ,කීර්තිරත්න බණ්ඩාර යන මහත්වරු කෙටි දේශන පැවැත්වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය අජිත් කොලොන්න ? අපි නොදන්නා මහින්ද චෞරයාගේ ගෝලයා.
ලියාපදිංචි කරලා තියා ගන්න .ඩයනා වගේ දවසක විකුනගන්නවත් බැරිය
දෙමළ භාෂාවෙන් ප යන්න හා බ යන්න එක අකුරක් වෙනවා... නමුත් සිංහලේ එහෙම නැහැ. සාමාන්‍යයෙන් බැමිණිමුල්ල කියලා වාසගමක් තිබුණත් පැමිණිමුල්ල කියලා එකක් නැතිනිසා එහෙම කිව්වේ...!
ඇත්තටම සුබපැතුම්.... මේ වෙලාවේ අපට ඔයතරම් දුරක් එන්න බැරිවීම ගැන දුකයි. නමුත් විරෝදාර ඔබගේ රට වෙනුවෙන් ඉදිරියට ආපු ඒක ගැන සතුටුයි.. අපි ඔබ සමගයි නිවහල් පෙරමුණට ජයවේවා...!