IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඹුරුවලට ’’පැරෂුට් ක්‍රමය’’

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

චීනයේ අතිසාර්ථක වී වගා ක්‍රමයක් වන පැරෂුට් වගා ක්‍රමය දැනට  ලංකාවෙි භාවිත වුවද තවමත් එම ක්‍රමය පිළිබඳ නිසි අවබෝධයක් අප රටේ  ගොවි ජනතාවට  නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

මේ නිසා පැරෂුට් වගා ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

රටේ වී වගාවේ අස්වැන්න ඉහල නැංවීමට නම් නව වගා ක්‍රම හඳුන්වා දිය යුතු බව පැවසූ අමාත්‍යවරයා  පැරෂුට් ක්‍රමය භාවිතා කිරීම මගින් අක්කරයකින් දැනට ලැබෙන වී අස්වැන්න ඉහළ නැංවීමටත් ගොවියකුට ලැබෙන ආදායම අක්කරයකට රුපියල් 35,000කින්  ඉහළ නංවා ගැනීමටත් හැකිවන බව සඳහන් කළේය. සාම්ප්‍රදායික ලෙස වී වගාවට වැය වෙන මුදල අවම කර ගැනීම, පොහොර සඳහා වැය වන මුදල අවමවීම, වල් මර්දනය සඳහා වල් නාශක භාවිතය සඳහා යන වියදම අවම වීම, අක්කරයකින් ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිවීම නිසා මෙම වගා ක්‍රමය හැම අතින්ම සාර්ථක වී වගා ක්‍රමයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම  සඳහා අක්කරයකට වී තවාන් තැටි 350ක් පමණ අවශ්‍ය වේ.

 මෙම වසරේ මහ කන්නයේ දී සියලුම ගොවීන්ට පැරෂුට් තවාන් තැටි ලබා දීම සම්බන්ධව රජයේ අවධානය යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (6)

කුඹුරුවලට ’’පැරෂුට් ක්‍රමය’’

අබිලින් Monday, 27 February 2023 11:22 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා කියමනක් තිබුනා ඒනිසා ගොවි මහත්වරුනි ඔය ඇමතියා ටික කලකට පෙර කිව්වා විදෙස් ආධාරයක් මත ගොවීන්ට දහදාහක් හෝ විසිදාහක් දෙනවා කියලා ඒකට දැන් කියනවා ගිණුම් වරදවා ඒ මුදල් ආපසු ගියා කියලා වැරදි කරුවන්ට දඩුවම් නැහැ දෙවනුව කිව්වා ගොයම් කපන්න ඉන්ධන දෙනවා කියලා අපිනම් ගොයම් කපල ඉවරයි ඉන්ධන නැහැ ඒවා දෙන්න ඇත්තෙ පැරචුට් එකෙන් ඇවිත් වෙන්න ඇති ඒ නිසා ඔය කියන මිලියන 400 ත් ඇමතිගේ හා ගෝලයො රොත්ත එකතුවෙලා බෙදාගෙන කාවි.ටිකක් මෙහෙම බොරුකීම සදහා ප්‍රචාරක වියදම් පියවා ගැනීමට ගනීවි

:       4       5

සමන් - ඕමානයMonday, 27 February 2023 02:12 PM

අපේ ගොවිතැන නවීන තාක්ෂණයත් සමග ඉදිරියට යා යුතුයි. මෙම අලුත් ක්‍රමය චීනයේ සාර්ථකව කෙරෙනවා නම්, ලංකාවේ එය අත්හදා බැලීම හොඳයි. අබිලින් උන්නැහේ, හැම දෙයකටම දේශපාලනය පටලවාගෙන, සෑමදෙයක් දෙසම සෘණාත්මකව බලන්න එපා... දන්නා කෙනෙකු, මෙම "පැරිෂුට් ක්‍රමය" කරන්නේ කොහොමද කියලා අනෙකුත් අයට දැනගැනීම පිණිස වීස්තරයක් දානවා නම් එය අගය කොට සලකමි.

:       2       4

අබිලින් Monday, 27 February 2023 05:46 PM

සමන් මමත් පැරෂුට් ක්‍රමයට තමයි 2022/23 මහ කකන්නෙ වගාකලේ මම එය නරකයි කියලා කිව්වෙ නැහැ කිව්වෙ ඇමතිවරයා දහදාහක් විසිදාහක් දෙනවා ඉන්ධන දෙනවා කියලා කියපුදේ මෙතෙක් සත්‍ය නොවුනු බව තමයි බොරු කීමේ සීමාවක් තියෙන්න ඕන කියලා මම කියන්නෙ මොකද සමන් ඒක ගැන කියන්න දෙයක් තියෙනවාද

:       0       0

Prabha Monday, 27 February 2023 12:06 PM

ආණ්ඩුවත් පැරෂුට් ජනපතිත් පැරෂුට් .ඒ හින්දා තමන් දන්නා ගොවිතැන කරන්න

:       3       3

විපරමා Monday, 27 February 2023 01:31 PM

හිටිගමන් පැරෂුට් වලින් බැස්ස මොළහතා, ගෝඨා කරපු හරිය ලෝකෙම දන්නවා. ඔය ඇමැතියා කාලෙන් කාලෙට කියන ගොන්කතා කවුද විශ්වාස කරන්නේ...?

:       2       2

fairoos Monday, 27 February 2023 02:42 PM

තවත් උප්පරවැට්ටියක් ගොවීන් දැනටම නන්නත්තාර වෙලා ඉවරයි

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site