(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර ඇත.
වරයා, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
එම විමර්ශන ක්‍රියාවලීන් නිමකිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානිවීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය.
එවැනි භාණ්ඩ සම්බන්ධයෙන් දැනට රේගුව විසින් අනුගමනය කරන ක්‍රියාදාමයන් කඩිනම් කළ යුතුව ඇති බැවින්, ඊට අදාළ කරුණු අධ්‍යයනය කර අවශ්‍ය නම් රේගු ආඥාපනතට සිදුකළ යුතු සංශෝධන හඳුනාගෙන අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ කමිටුව පත්කර ඇතැයි ද ඇමතිවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කමිටුව පත්කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රේගුවේ වැඩ කඩිනම් කරන්න කමිටුවක්
fairoos Tuesday, 28 February 2023 02:07 PM
එතකොට එදා වාහන අමතර කොටස් විනාශ කරේ ?කාලකන්නින් රට කනවා