
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සමීප හවුල්කරුවකු බවත් ශ්‍රී ලංකාව ගෙවමින් සිටින මෙම දුෂ්කර කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ඉන්දු - පැසිෆික් කලාපයට පොදු දැක්මක් : දකුණු ආසියාවට ඇති බලපෑම නම් ග්‍රන්ථය එළිදැක්වීම සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පාලනයේ ඉන්දු - පැසිෆික් උපාය මාර්ගික සැලැස්මට වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී අදහස් දක්වමින් ජුලී චන්ග් මහත්මිය මේ බව පැවැසුවාය.
එම උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ තිබෙන්නේ ගැඹුරු සහ පුළුල් සබඳතාවයක් බව චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මිලින්ද පීරිස්, ඩැනියෙල් කේ ඉනෝයේ ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක රියර් අද්මිරාල් (විශ්‍රාමික) පීටර් ඒ ගුමතාඕතාඕ සහ ආචාර්ය හරින්ද විදානගේ මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 18
694
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මේ දුෂ්කර මොහොතේ අප ඔබ සමගයි‘‘‘
Jagath Tuesday, 28 February 2023 07:47 PM
කරුණාකර අපට උදව් කරන්න හොර පාරෙන් පින් ජනාධිපතිවෙලා,රටේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරන රනිල් වික්‍රමසිංහව එලවන්නයි,රටේ ආර්ථිකය විනාශ කරපු මේ හොර කාලකන්නි දේශපාලු බලු ආණ්ඩුව එලවන්නයි.
Joe Wednesday, 01 March 2023 06:24 AM
ඒකනේ. යුක්‍රේනෙට ඩොලර් බිලියන 113යි ඉල්ලපු ගමන් සල්ලි දෙනවා... ලංකාවට 2.9ක් දෙන්න දහඅතේ සාකච්ඡා.. ලංකාවේ මෝඩයින් ඉක්මණට රවට්ටන්න පුළුවන් නිසා හොඳයි ඉතින්...
Himan Wednesday, 01 March 2023 06:25 AM
කපුටා සහ කේජු කෑල්ල මතක් වුණා...
cool Wednesday, 01 March 2023 08:05 AM
බල්ලන් කුලප්පු කරලා. මෙයා හොඳ මූණ දාගෙන. එදා ඉදලා ඕක තමයි මේ ගොල්ලන්ගේ කෙරුවාව. මෙයාගේ රැකියාවත් ඒක තමයි...