(අංජුල මහික වීරරත්න)
ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අවධාරණය කළහ.
රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකොට ඊට සහාය ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම වන අතර ඒ වෙනුවෙන් බැංකු සේවකයන් ද තම වගකීම ඉටු කරනු ඇති බවට ඔවුහු කීහ.
බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රාජ්‍ය බැංකු ප්‍රධානීහු සහ නියෝජිතයෝ සහභාගී වි සිටියහ.
රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන ලෙස සහ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන ලෙස බැංකු කටයුතු පවත්වාගෙන යෑමට ගතයුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම රටෙි මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් රජය පුළුල් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති මොහොතේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය බවට වූ පණිවිඩය ජාත්‍යන්තරයට යෑම රටට යහපත් තත්ත්වයක් නොවන බව සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.
බැංකු සේවක සේවිකාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවලදී, වැඩවර්ජන සිදු කරන දිනයේ දී යතුරු බාර දීම, රන් ආභරණ ඇතුළත් සේප්පුවල යතුරු බාරදීම ආදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ බැංකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව එවැන්නක් සිදුව නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.
ඒ අනුව ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා බවට බැංකු සභාපතිවරු ප්‍රමුඛ ඉහළ කළමනාකාරීත්වය එකඟතාව පළ කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ සහාය අත්‍යාවශ්‍ය බවත්, රට වෙනුවෙන් සිය වගකීම පැහැර නොහරින ලෙස සියලු බැංකු සේවකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවත්ය.
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කළේ බදු අයකිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ගතයුතු පියවර පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි. සමස්ත රටම ආර්ථික අසීරුතාවකට මුහුණ දී සිටින මේ මොහොතේ අවබෝධයෙන් කටයුතු කරමින් රටේ හෙට දවස යහපත් කර ගැනීමට සහාය දීම සියලු දෙනාගේ වගකීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ බැංකු හෙට වැඩ
Rohana Tuesday, 28 February 2023 08:44 PM
අවම වශයෙන් 2020 ට පෙරතිබූ බදු මට්ටමවත් ක්‍රියාත්මක කලොත් සමස්ථ වර්ජනයෙන් සැලකියයුතු කොටසක් වලක්වාගත හැකිය. ඔය රැස්වීම්වලදී මේවා ගැන කථාකරන්නෙ කැද්ද ?