IMG-LOGO

නෞකා තෙල් කාන්දු හොයන්න චන්ද්‍රිකා සහය

(අංජුල මහික වීරරත්න)

මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදුවන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බවද අදාල කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් මෙරටට විශාල ආදායමක් උපයා ගත හැකි බවයි.

චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාව පළමුව කෙටිකාලීන නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතය. ඒ සදහා ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍යංශය මඟින් ප්‍රදානයක් ලෙස යුරෝ 601,810 ක් ලබාදීමට නියමිත බවද අදාල කැබිනට් පත්‍රකාවේ සදහන් වේ.

ඒ අනුව වසරක් සඳහා බලපැවැත්වෙන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාව ලබා ගැනීමට අදාලව Collected Localiztion Satellites (CLS) හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර අත්සන් කිරීමට ද අදාල කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත.

ඉන්ධන කාන්දුවීම් කල්තියා හඳුනා ගැනීමෙන් පරිසරයට,මහජන සෞඛ්‍යයට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට ඇතිවිය හැකි අවදානම් සහ බලපෑම් අවම කිරීම මඟින් මෙරට වෙරළ තීරය ආරක්ෂා කරගැනීම‍, මෙරට මුහුදු තීරයේ නැව් ආශ්‍රිත තෙල් කාන්දුවීම් නිරීක්ෂණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, තෙල් කාන්දුවීම් හඳුනා ගැනීම මගින් සමුද්‍ර දූෂකයන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද වැඩි දියුණු කිරීම,  මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වේ. 

 



අදහස් (1)

නෞකා තෙල් කාන්දු හොයන්න චන්ද්‍රිකා සහය

දාස Tuesday, 28 February 2023 04:07 PM

තොපි පගා කප්පන් ගහන හැටි හොයන්නත් මොකක් හරි යන්තරයක් හදන්න බැරිද

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 525 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site