(අංජුල මහික වීරරත්න)
චීනයෙන් පරිත්‍යාග කළ ඉන්ධන ලබා ගැනීම සඳහා අද සිටම ගොවීන්ට ටෝකන් පත් ගොවීන්ට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
චීන රජය විසින් මෙරට වගා කටයුතු සදහා භාවිතා කිරීමට නොමිලයේ ඩීසල් ලීටර් මිලියන 6.98ක් පරිත්‍යාග කරනු ලැබීය.
ගැටළු කිහිපයක් නිසා එම ඉන්ධන ගොවීන්ට බෙදාහැරීම ප්‍රමාද වූ අතර වහාම එම ඉන්ධන ගොවීන් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට මෙම ඉන්ධන සහනය හිමිවේ. හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හිමි වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුණ මෙය පිළිකුල් කරනු ඇත