
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රීරෝද රථ රියදුරකු පැහැරගෙන පැහැර ගෙන ගොස් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියන ප්‍රබල දේශපාලන පක්ෂයක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධායකවරයකු බව කියන පුද්ගලයෙක් බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය
තීරෝද රථ රියදුරා පැහැරගෙන යෑමට යොදා ගත්තේ යැයි කියන ජිප් රථයක් ද සැකකරු සමඟ පොලිස් භාරයට ගෙන ඇත
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම ත්‍රිරෝද රථ රියදුරා පසුගිය මාසයේ 13 වෙනිදා ඔහුගේ නිවසේ සිටියදී පැහැර ගෙන ගොස් තිබුණේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය බුද්ධි අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යැයි පොලිසිය පවසයි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු තමන් පොලොන්නරුව දිස්ත්රික්කයේ මැතිවරණ කොට්ඨාසයක ආසන සංවිධායකවරයකු බව පොලීසියට පවසා ඇතැයි කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ප්‍රබල දේශපාලන පක්ෂයක් "නම දැම්මොත් ලංකාදීපේ කතෘ තුමාව ඇවිත් උස්සන් යාවිද ?
අපරාදේ කියන්න බහ අනාගත මන්ත්රී කෙනෙක් වෙන්න සුදුසුකම් ඔහුට හොඳටම තියනවයි කියලා ඔප්පු කරලා තියනවා .පොළොන්නරුවේ එකාලට ඉවසිල්ලක් නැතුව ඇති ඔහුව පත් කර ගන්නකම්
වෙන පුවත්වල නම ගම තරාතිරම සදහන් කරන්න පුළුවන් නම් ඇයි මේ ප්‍රබල දේශපාලන පක්ෂයේ නම සදහන් කරන්න තරම්වත් කොන්දක් නැත්තේ?