
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඇහැලියගොඩ ප්‍රදේශයේ විද්‍යාලයක අවුරුදු 10 වයසැති සිසුවියකට ලිංගික අතවරයක් කළේ යැයි කියන එම පාසලේ ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ඇහැලියගොඩ පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 46 හැවිරිදි වියේ පසු වන ගුරුවරයෙකි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ පවත්වා හෙළි වූ කරුණු මත මෙම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන දැරිය ගෙන් ද සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඒ අනුව පරීක්ෂණ පවත්වා ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කරනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඇහැලියගොඩ ප්‍රදේශයේ සුලබ ආරංචි තමයි .කලකට පෙර විදුහල්පති කෙනෙක් ගුරුවරියක්ගේ දරුවා ජාතික පාසැලට ඇතුළත් කිරීම වෙනුවෙන් දරුවා පාසැලේ සිටින තාක්කල් අම්මට විදුහල්පති සමග කාමර වලට යන්න වුනා. අන්තිමේ එම විදුහල්පති අධිමාත්‍රාවකින් අරගෙන සෙත්තපෝච්ච් නොගැසුවා නම් තවමත් ඒක වෙන්න තිබුනා
ලිංගික අධ්‍යාපනය ‘ටැබූ’ එකක් වූ ලංකාවේ ලිංගික අපරාධ සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතී. ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වූයේ සාදුලාය. ඒ අය ගිහි අධ්‍යාපන කටයුතු වලට මැදිහත් නොවී බණක් භාවනාවක් කරගෙන පාංසකූලයක් දීගෙන සිටිය යුතුය. මේ පිලිබද වැඩි දැනුමක් නැති අපේ ළමයි පහසුවෙන් අපරාධ වලට ගොදුරුවේ.