
(අංජුල මහික වීරරත්න)
පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට තුන්කොන් තරඟයක් ආරම්භ වී පවතියි. පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනා අතරය.
වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 දින විශ්‍රාම ගැනීමට නියමිතය.
පොලිස්පති ධූරය සඳහා ඉහත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වෙනම කරුණු ඉදිරිපත් කිරීමට ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනකු කටයුතු කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිම සුදුසුකම් තියෙන්නේ සිවුරෙන් පැන්න එකාට
හොඳම ගොට්ටාට දෙයි.
දේශය සම්බන්ධ එක්කෙනා ආවොත් එහෙම පොලිසිය ඉවරෙටම ඉවරයි .
දේශබන්දුට ඕක ලැබුනේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕන
අපේ පොලිසියේ තියෙන තවත් එක්තරා අප්‍රියජනක දෙයක් තමයි නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති වෙන්නත් කලින් ඉඳලම පොලිස්පති වෙන්න හිතාගෙන අනෙකුත් නිලධාරීන් අතර තරඟ කිරීම. මෙතන කියවෙන නම් වලින් දෙදෙනක් නම් කුජිත වෙන්නම තමන්ගේ නම් කැතකරගෙන ඉන්න අය බව ප්‍රසිද්ධයිනෙ. අනෙක් කෙනා ජ්‍යෙෂ්ඨතත්වයෙන් ගොඩක් පහලයි. ඊට ඉහලින් තව ගොඩක් අය ඉන්නවා. පොලිසියේ ඉහල නිලධාරීන් අතර පවතින මේ පහත් පෙලේ තරඟයට හොඳම විසඳුම තමයි , නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයෙක් හෝ පරිපාලන සේවයේ අයෙකු මේ තනතුරට පත්කිරීම .
පහුගිය කාලේ දේසබන්දුවා නැටුවේ නිකම් නෙවෙයි .අජිත් රෝහණ මහත්තයා සුදුසුයි කියලා හිතෙනවා.
ඇමතිලා මේකට මැදිහත් වෙන්නේ ඇයි. ස්වාධින පොලිස් කොමිසමක් තියෙනවනේ
දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ ,මේ දෙන්නාගෙන් එක්කෙනෙක් ආවා කියන්නේ ඉතින් බඩුම තමා .තවත් විනෝද සමයක් රටේ ජනතාවට බලාන ඉන්න පුළුවන්
අයියෝ කිසිම වැඩකට සහ වැදගැම්මකට නැති පුටුවක් .මොකට සටන් කරනවාද මන්දා?
දේශබන්දු ,අජිහ් රෝහණ දේශපාලනයට හොඳටම කඩේ ගියා
ජනතාවගේ කැමැත්තත් මෙයට සම්බන්ධ කල යුතුයි
දේශබන්දු සර් ආවොත් නීතිය බැබලෙනවා සත්තයි. මගේ පැතුම ඒ වගේ වැදගත් කෙනෙක් මේ උතුම් තතනතුරට පත් වේවා කියා
කවුද හොඳට ආණ්ඩුවට කඩේ යන කෙනා/එයාට තමයි පුටුව
දේශබන්ධු හා අජිත් රෝහණ කඩේ ගියේ මේක ඉල්ලාගන්න තමයි.
ජනමාධ්‍යවලිනුත් කරන්නේ කොටවන එකයි...
පොලිස් කොමිසම කියන්නෙ පොලිස්පතිගෙ කැමැත්ත අනුව නටන පිරිසක් ඉන්න තැනක් කියලා අහන්න ලැබුනා 1972 දක්වා ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් තිබුනත් එදා සිට රාජ්‍ය සේවයේ පත්කිරීම උසස් කිරීම ස්ථාන මාරුකිරීම විනය කටයුතු හා විශ්‍රාම ගැන්වීම කැබිනට් එකට ගත්තා එදා සිටම රාජ්‍ය සේවයේ පිරිහීමට පත්වෙලා අද වෙනවිට කුජීතම වෙලා අවසන් .
දේශබන්දුට තමයි දෙන්නේ. මිනිහා රාජපක්ෂලාගේ මිනිහෙක්
මේ වගේ තනතුරුවලට පත්කරන කොට නිර්දේශිත නම පාර්ලිමේන්තුවට දාලා බහුතර කැමැත්තෙන් තෝරාගැනීමයි සුදුසු...
හොඳම යටි පතුල් ලෙව කන්නා දිනනවා.
දේශබන්දු හැරෙන්නට අනෙක් දෙන්නා හොඳයි.
රනිල්ට ගැලපෙන සුදුසුම මිනිහා දේශබන්දු, ඒ නිසා එයාට මේක ලැබෙයි. දේවදත්තයි, අංගුලිමාලයි වගේ තියෙයි.
දේශබන්දු සහ අජිත් රෝහන හොඳටම දේශපාලුවන්ට කඩෙ ගියපු යක්කු.... මේ යක්කු දෙන්නව නම් එපා....
අජිත් රෝහණට කොන්දක් නෑ, හරි සර්, ප්‍රශ්නයක් නෑ සර්, ස්තූතියි සර්.. සපත්තු ලෙවකන පොලිස්කාරයෙක්