
(නිමන්ති රණසිංහ)
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව මේ දක්වා සටහන් කරගෙන ඇති සියලුම ප්‍රකාශවල පිටපත් ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයාට මැදිහත් වන ලෙසට දැනුම් දෙමින් නීතිපතිවරයාට ලිඛිත දැනුම් දැනුම් දීමක් සිදු කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය .
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නඩුවත් අර විමලෙගේ හොර පාස්පෝර්ට් නඩුව වගේ අවුරුදු 5 ක් විතර අහලා අන්තිමට ,අහක දමාවි ,අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඕකට අවශ්‍ය සියලු විස්තර ආගමන විගමන එකේ පරිගණක පද්ධතිය හරහා විනාඩි කිහිපයකින් ලබාගන්න පුළුවන්
මේ ඩයනා රටේ ආගමන නීතිය උල්ලංඝනය කල බව ඉතා පැහිදිලි. නමුත් ඉතා මන්දගාමීව තමයි පොලීසිය සහ නීතිපති දෙපාර්තුමෙන්තුවත් කටයුතු කරන්නේ. කනගාටුයි රට ගැන මහා ලොකුවට කතා කරන අධිකරණ ඇමති ඩීල් දාස ඇයි නිහඬයි?
ගලි බවුසර්
අතේ තියන ලියකියවිලි ආයේ ඉල්ලලා වාරය කල් දානවා
මේ නඩුවලට තීන්දු එන්න නම් අලුත් ආණ්ඩුවක්ම එන්න ඕනෑ...
අධිකරණය ඩයනව අත් අඩංගුවට නොගැනීමට හේතුවක් නොමැති බව පවසා තිබියදීත් පොලිසියට කඳුලු ගෑස් වැඩ නිසා, ඩයන වැඩ කිඩ පෙන්වමින් පාර්ලිමේන්තුවේත් වැජඹ සිටින්නීය.