
(යොහාන් භාසුර)
බිත්තර වැඩි මිලට අළෙවි කිරීමේ චෝදනාවට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාට අයත් ගොවිපොළකට ද නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කුරුණැගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක උපරිම සිල්ලර මිලට වැඩියෙන් බිත්තර අළෙවි කරන ස්ථාන වැටලූ බවත් එහිදි හල්මිල්ලෑව, පන්නිපිටිය, අවුලේගම සහ කොබෙයිගනේ ප්‍රදේශවල පිහිටි මහා පරිමාණ බිත්තර ගොවිපොළක් හා කුඩා ගොවිපොළවල් 4 ක් වැඩි මිලට බිත්තර අළෙවි කළේ යැයි තහවුරු වීමෙන් නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාට අයත් බිත්තර ගොවිපොළක ද වැඩි මිලට බිත්තර අළෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ තහවුරු කරගැනීමෙන් පසුව නීතිමය පියවර ගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ බැංකු හොරු වත් අල්ලනකෝ
කතා කරන කට්ටිය ඇතුළට දැම්මාම හරි... කතා කරන්න කවුරුවත් නැති නිසා... ප්රශ්නත් නැහැ..
මේ කාලකණ්ණි ආණ්ඩුවට පුළුවන් මර්ධනය විතරයි..
පුද්ගලික අංශයේ වැඩිමිලට වික්කාම ඇල්ලුවාට රාජ්ය අංශයේ ගොවිපළවල වැඩිමිලට විකුණනවා. ඉතින් රජයේ අයටත් කියන මිලට දෙන්න බැරිනම් පුද්ගලික අංශය දෙන්නේ කොහොමද? නුවනැත්තෝ ක්රියාත්මක වේවා...!
බිත්තර ආනයනය සඳහා පසුබිම සැකසීම කරන්න ගොවිපල මර්දනය.... සියල්ල ආනයනය කරන රටක ජීවත් වන්නට අපි කළ පාපය මොකක්ද? ජනපතිත් මේවාට කැමැතිද?