IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝටි ගණනක් වංචා කළ රැකියා ජාවාරම්කරු රිමාන්ඩ්

(යොහාන් භාසුර)

කැනඩාවේ රැකියා සහ පදිංචි වීසා දෙන්නේ යැයි පවසා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව මුලාකළ පුද්ගලයෙක් මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයට අද (2) භාරදුන් බව එම කාර්යංශය පැවසීය.

එම සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් 25 කින් පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් බවත් සැකකරුට විරුද්ධව මේ වන විට පැමිණිලි 53ක් ලැබී ඇති බවත් එම කාර්යංශය කීය.  

කැනඩා රැකියා ජාවාරම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් ද කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත් මෙම සැකකරුවන් දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් කාර්යංශය පවසයි.

 



අදහස් (1)

කෝටි ගණනක් වංචා කළ රැකියා ජාවාරම්කරු රිමාන්ඩ්

ravin Friday, 03 March 2023 07:17 AM

මෙම පුද්ගලයන් ගැනද පැමිණිලි විදේශ සේවා කාර්යංශයට භාරගන්න එපා කියලා දෙස්පාලුවෙක් බලපෑම් කරලා තිබුනේ?එතනදී වින්දිතයෝ පොලිසියට ගොස් පැමිණිලි කරනවාය කියලා කීවාලු .මේවා පළවුණේ තවත් ප්‍රසිද්ධ මුද්‍රිත ජන මාධ්‍යක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site