(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද(02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.

මහ බැංකුව විසින් අද(02) දින නිකුත් කරන ලද  විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල්  343.9719 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 356.73 ලෙස සටහන් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.