(රංජන් කස්තුරි)
දරුවන් අන්තර්ජාලයෙන් අධ්‍යාපනය කටයුතු සිදුකිරීමේදී ‘ඉයර් ෆෝන්‘ භාවිත කිරීම නිසා කනට හානි සිදුවන බව උගුර කන නායස පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවැසුවාය.
දරුවන් නිතර ඉයර් ෆෝන් කනේ ගසා සිටීම නිසා කලාඳුරු කන ඇතුළට තල්ලුවී යන අතර එම නිසා කන පැසවීම, පුස් හටගැනීම, කන් බෙරයට හානිවීම සිදුවිය හැකි බවද චන්ද්‍රා ජයසූරිය මහත්මිය කීවාය.
කනට එවැනි හානි සිදුවීම නිසා ශ්‍රවණාබාධ හටගන්නා බවද එ නිසා ප්‍රෙව්ශමෙන් කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය.
කනට යම් හානියක් සිදුවුව හොත් හෝ ඇසීමේ දුර්වලතා ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයකු හමුවිය යුතු බවද චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තුන හතරකට කලින් තිබුණු ඉයර් පෝන් එක මගේ හැටියට අවුලක් නැහැ නේද? ඒක කණ ඇතුළට යන්නේ නැහැ...
ඉයර්ෆෝන් කනේ ගහනවා වගේම තමයි ජංගම දුරකථන නිතරම බැලීම කියලා කියන්න පුළුවන් .මම දවසක් රාත්‍රියේ බසයක ආවෙ හිටගෙන. ඒ වෙලාවෙ ඉදගෙන සිටි සියල්ලෝම වගේ ජංගම දුරකථන වලින් විවිධ දේවල් බලමින් සිටියා .එය මට කිසිම වැදගත් කමක් නැහැ. නමුත් මම ඒවා දෙස නොබැලුවත් මගේ ඇස්වලට දැඩි පීඩාවක් ඇති වුනා. ඒ නිසා මට හිතුනා වැඩිකලක් නොගොස් බොහොමයක් දෙනාට ඇස්වලට හා කන්වල අසනීප ඇතිවෙන්න පුළුවන් කියලා .මේක විද්‍යා විෂය නූගත් උසස් පෙළ දක්වා කලා අංශයෙන් ඉගෙනුම ලැබූ මගේ පුද්ගලික අදහසක් පමණයි