
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බම්බලපිටිය නගරයේ පිහිටි සිඟමන් යදිමින් සිටි බව කියන කාන්තාවකගේ මාස එකහමාරක් පමණ වයසැති දරුවා කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව මේ බව බම්බලපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
බම්බලපිටිය නගරයේ පිහිටි ආයතනයක් අසල මෙම කාන්තාව අත දරුවාද වඩාගෙන සිඟමනේ නිරතව සිටි ඇත.
ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු දරුවාට ඇඳුම් පැළඳුම් මිලදීගෙන දෙන බව කියා ඇය දරුවා ද සමඟ එම ත්‍රිරෝද රථයේ ගොඩ කරවාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදි සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයේ රියදුරාට කුලිය ගෙවා ඔහු පිටත් කර යවා තිබේ.
ත්‍රීරෝද රථයේ පැමිණි කාන්තාව සහ පුද්ගලයා එම රෙදි සාප්පුවෙන් දරුවාට රුපියල් 1900ක් පමණ වටිනා රෙදිපිළි මිලදී ගෙන දී ඇත. පසුව එම කාන්තාව සහ පුද්ගලයා විසින් ගෙන්වාගත් වෙනත් ත්‍රීරෝද රථයක නංවාගෙන කාන්තාව සහ දරුවා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් අසල පිහිටි රථ ගාලකට කැඳවාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ත්‍රිරෝද රථයෙන් ආ කාන්තාව සිඟමනේ යෙදී සිටි බව කියන කාන්තාවගෙන් අත දරුවා වඩා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේ ඇය දරුවා වඩා ගැනීමට දීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අවස්ථාවේ කාන්තාව සමඟ පැමිණි පුද්ගලයා සහ ත්‍රිරෝද රථ රියදුරාඅත දරුවා උදුරා ගෙනයාචක කාන්තාව ත්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා අත දරුවාද පැහැර ගෙන පලාගොස් ඇතැයි පොලිසිය කීය.
සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව පොලීසියට පැමිණ මෙම තොරතුරු හෙළිකරමින් පැමිණිලි කරනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිඟමන් ගැනීමට පහසුව සදහා කුඩා දරුවා යොදාගෙන ඇති .ඒක ළමා අපයෝජනයක් වෙනවා ඇත්තටම අම්මා කෙනෙක් නම් දරුවන් හිගමනේ ගෙනයන්නෙ නැහැ කියලා හිතෙනවා