
(ටී.කේ.ජී.කපිල)
සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත් හෂිනි හේවගේ ක්‍රීඩිකාව අද (2) අලුයම මෙරටට පැමිණියාය.
මොරටුව ප්‍රදේශයේ පදිංචි හෂිනි හේවගේ මහත්මිය ඩුබායි හි ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරන්නීය .
සිංගප්පූරුවේදී පැවති වාර්ෂිකව පවත්වනු ලබන මෙම කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ උස සෙන්ටිමීටර 163 පංතියේ “ස්පෝට්ස් මොඩල් ” අංශයෙන් තරඟ කළ ඇය එම ඉසව්වේ රන් පදක්කම මෙන්ම සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ද දිනා ගත්තාය.
ඇය මෙම ජයග්‍රහණ රැගෙන ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත අද (2) අලුයම 4.55 ට පැමිණියාය.
ඇය පිළිගැනීම සදහා ඇයගේ පියා, මව සහෝදර සහෝදරියන් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්...! දැන් ලංකාවේ තියෙන තත්වයට පිටරට ඉඳලා තමයි මේ වගේ ජයග්‍රහණ කරන්න පුළුවන්... අපේ කාලකණ්ණි දේශපාලකයින් රට කෑවා...!
තවත් මෙවන් ජයග්‍රහණවලින් අපේ මව්බිම සරසන්නට මේ දියණියට තවතවත් වාසනාව ධෛර්යය ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරමි... බුදුසරණයි..!
ඉතාමත් සතුටුයි ඒ වගේම දුකයි. මොකද ක්‍රිකට් වගේ එකක් දිනලා ආවනම් මැති ඇමතිලා සමහරක් විට ඉන් ඉහළ අයත් ඔතනට එන්න තිබුනා. ඒත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් සතුට බෙදාගන්න ගියේ පවුලේ අය පමණයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ උත්තමයො හිතනවා ඇත්තෙ ක්‍රීඩාව කියන්නෙ ක්‍රිකට් විතරයි කියලා. හිතෙනවා ලෝකයේම සුවද විහිදුනත් ලංකාවෙ කැලේට පිපෙන මෙහෙම මල් කොතරම් ඇද්ද
සුබපැතුම්... ඔහොම යමු... !