දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධායිකාවක රිමාන්ඩ් යාපනය, වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ උතුරු නැගෙනහිර කාන්තා ප්‍රධාන සංවිධායිකාව හෙට තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ස්මයිල් ජමිල් මහතා නියෝග කළේය. 06 June 2023
තැනින් තැනට අද දවසේ තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 June 2023
මුත්‍රා පිරවූ බෝතලයකින් ලංගම රියැදුරාට ගහලා දිවුලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරකුට මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ දී ප්ලාස්ටික් බෝතලයකට මුත්‍රා පුරවා පහර දීම හේතුවෙන් රියැදුරා සහ එම බස් රථයේ යාබද අසුන්වල සිටි මගීන් කිහිප දෙනකු මුත්රවලින් නැහැවී ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය පවසයි. 05 June 2023
තිස්ස ප්‍රා.ලේට තනතුර එපා වේ රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය ලංකාදීපයට පැවැසුවාය 05 June 2023
කොට්ඨාස නවයක නාය අනතුරු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 05 වනදා ) පස්වරුවේ නිකුත් කරන ලදි. 05 June 2023
සිනමා හලෙන් හමුවූ රන් මාලය වසරකට පසු හිමිකරුට දෙයි කොළඹ සිනමා ශාලාවක් තුළ වැටී තිබියදී මීට වසරකට පමණ ඉහතදී අහුලාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සුරැකිව තබාගෙන සිටී චිත්‍රපටි නිෂ්පාදකවරයකු වූ අනුර සමරජීව මහතා එහි අයිතිකාරිය හමුවීමෙන් පසු පොසොන් පොහොය දිනයේ ඇයට එය බාර දී ඇත. 05 June 2023
ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි තැනට දකුණු කොරියාවේ පැවැත්වෙන වයස 20 න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් 5 ක් දිනාගනිමින් අද (5) පස්වරුව වන විට සමස්ත පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව සිටියේය. 05 June 2023
ගිරිතලේ කඳවුරේ කඩේ කඩා ලක්ෂ දෙකක දුම්වැටි උස්සලා ගිරිතලේ යුද හමුදා පොලිස් සේවා බළකා කඳවුරට අයත් සුබසාධන අලෙවිහල බිඳ රුපියල් ලක්ෂ 2ක පමණ දුම්වැටි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. 05 June 2023
උසාවියේදී පොලිසියට දොස් පොලිස් නිලධාරියකුගේ හක්ක පුපුරා දෙකඩ වී යටි ඇන්දේ දත් සියල්ල කැඩී යන අන්දමට පහරදුන් සැකකරුවන්ට ඇප ගැනීමට හැකිවන අන්දමට පදවිය පොලිසිය අධිකරණයට කරුණු වසන් කරන ලදැයි පදවිය පොලිසියේ ක්‍රියාකලාපය පදවිය මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා හමුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළ නීතිඥ අජිත් දිසානායක මහතා අසාධාරණයට ලක් වූ පොලිස් නිලධාරියකුට සලකන්නේ මෙලෙස නම් සාමාන්‍ය මිනිසුන්ට කෙසේ සලකනවා ඇද්දැයි ප්‍රශ්න කළේය. 05 June 2023
බස් - බස් ගැටී නවයක් රෝහලට අකුරැස්ස වැලිගම ප්‍රධාන මාර්ගයේ උඩුකාව ප්‍රදේශයේ දී මගී බස් රථ දෙකක් ගැටීමෙන් 09 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල කියයි. 05 June 2023
මව්බිම රනින් හැඩ කළ තරුෂි දකුණු කොරියාවේදී පැවැතිවෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අද (5) සමත් වූවාය. 05 June 2023
ඩයනාගේ මන්ත්‍රි ධූරය දැරිය හැකි ද? තීන්දුව හෙට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය . 05 June 2023
බෙහෙත් මිල 15 වැනිදා අඩු කරයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල මේ මස 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 05 June 2023
මහරගම රෝහලට ගෙනා කෝටි හතරේ යන්ත්‍රය පැත්තක දමලා රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදීගත් ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය අක්‍රීය වීමෙන් එන්නත් අපේක්ෂාවෙන් පසුවන රෝගීන් මාස හයක සිට දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. 05 June 2023
කුඩ්ඩා උසාවි මහලෙන් පනී මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය රැගෙන යමින් සිටියදී එම සැකකරු අධිකරණ ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් පහලට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 05 June 2023
කෝටි 9 ක රන් රේගුවේදී අල්ලයි ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් මෙරටට පැමිණි පුද්ගලයක් සතුව තිබී රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමකින් යුත් රත්තරන් කිලෝ 4 කට වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි. 05 June 2023
නව මහාධිකරණ විනිසුරුවෝ හතර දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් හතර දෙනකු පත්කරන ලද අතර ඔවුන්ට අදාල පත්වීම් ලිපි ප්රදානය කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 05 June 2023
මහ බැංකුව කීවත් වානිජ බැංකු ණය පොලි අඩුකර නෑ ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත පහත දමා ඇතත් වානිජ බැංකු තවමත් ඉහළ ණය පොලි අනුපාත අයකරමින් සිටින බව වාර්තා වේ. 05 June 2023
කළුතර මාර්ග රැසක් යට වේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ (5) සවස ඇද හැළුණු තද වර්ෂාව නිසා ප්‍රදේශයේ දොල මාර්ග පිටාර ගැලීම නිසා මාර්ගරැසක් ජලයෙන් යටවීය. මේ නිසා උදාසන රාජකාරි සඳහා පිටත් වූ පිරිස් ආපසු නිවෙස්වලට පැමිණීමේදී දැඩි අපහසු තාවයට පත් වූහ. 05 June 2023
ජාතික ප්රතිපත්තියක මූලික පියවර සැලසුම් කරමින් සිටිනවා රටෙි පාලනය සකස් විය යුතු ආකාරය පිළිබඳ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික පියවර මේ වන විට සැලසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 June 2023
සජිත් රනිල්ට අභියෝග කරයි ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හැකිනම් මේ වසරේ ම පවත්වන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 05 June 2023
විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙහි වෙයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විකාශන අධිකාරී පනතට එරෙහි වීමට සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී ඒකමතිකව තීරණය කරනු ලැබීය. 05 June 2023
රාජ්‍ය ආයතන වැවිලි සමාගම් 10ක් අර්ථසාධකේට පොලු තියලා අර්ධ රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් දහයකට ආසන්න සංඛ්‍යාවක් සේවක අර්ථසාධක අරමුදලට දායකත්ව මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. 05 June 2023
ගල්වැව සිරි ධම්ම හිමිට සිතාසි ඇප කොන්දේසි කඩ කිරීමක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමිට අද (05) සිතාසි නිකුත් කළේය. 05 June 2023
විශේෂ නියෝග විස්සක් හෙට මැතිසබයට විශේෂ නියෝග විස්සකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ අනුමැතියට හෙට (6) ඉදිරිපත් කෙරේ. 05 June 2023
දුම්රියට කෝටි 1240ක පාඩුවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව 2022 වසරේදී රුපියල් කෝටි 1240ක මෙහෙයුම් අලාභයක් වාර්ථාකර තිබේ. 05 June 2023
පූජාව අස්සේ කපුවාට ගිනි ඇවිලේ අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයකුගේ සිරුරට ගිනි ඇවිලේ මෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි. 05 June 2023
මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකෑ 5ක් අල්ලයි මූණට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක පස්දෙනෙකු ජීව අත්බෝම්බයක්, වාහන සහ භාණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි. 05 June 2023
සා.පෙළ සිසුන්ට පණිවුඩයක් අධික වැස්ස හෝ වෙනත් හදිසි ආපදා ඇතිවීමට ඉඩ ඇති හෙයින් ඒවාට මුහුණදීමට කල්තියා පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය. 05 June 2023
මවගේ කෝටි 2ක ගෑස් ඉස්සූ පුතා මාට්ටු ගෑස් සිලින්ඩර 648ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී ඊයේ (04) සවස සැකපිට අත්අඩංගුවටගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය කියයි. 05 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026