සිනමාවට, රූපවාහිනියට ස්වාධීන නියාමන ආයතනයක් සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළේය. 06 June 2023
මිලියන ගානක ඉඩම රුපියල් 33 ට දීලා හන්තානේ අක්කර 25ක ඉඩමක් පර්චසය රුපියල් තිස් තුනක මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 June 2023
මන්ත්‍රී ගජේන්ද්ර කුමාර්ට රට යාම තහනම් කරයි දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කළේය 06 June 2023
දූෂණ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැතිසබයට දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6)දැනුම් දුන්නේය. 06 June 2023
බම්බලපිටියේ ඩ්‍රෝන යැවු සරසවි සිසුවෙකු අල්ලයි බම්බලපිටිය දුම්රිය පොළ ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ ඩ්‍රෝන යානාවක් අනවසරයෙන් ගුවන් ගත කළ සරසවි සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 06 June 2023
තරංග එල්.පී.එල්. තාක්ෂණික කමිටුවට පත්කරයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රීකයෙක් වන තරංග පරණවිතාන මහතා පත්කර තිබේ. 06 June 2023
ඉන්දියා සහ ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030දී ඒකාබද්ධ වෙයි ඉන්දියා සහ ශ්‍රී ලංකා අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) පැවසීය. 06 June 2023
සාපෙළ සිසුන්ට අගුලේ පිහිට කළුතර ප්‍රදේශ බල පෑ වර්ෂාව හේතුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට යෑමට නොහැකිව සිටි සිසුන් පිරිසක් බෝට්ටු මගින් ගමන් පහසුව ලබාදීමට කටයුතු කළේය. 06 June 2023
ඡන්දෙ කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙනවා පළාත් පාලන මැතිවරණය දිගටම කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 June 2023
ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව කල් යයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශය පත් කිරීම ජූලි මස 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 06 June 2023
පොලිසිය තුළදී දෙපිරිසක් ගුටි ඇණ ගෙන හික්කඩුව පොලිසිය ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කැඳවූ දෙපිරිසක් කලහකාරි ලෙස හැසිරීමෙන් හේතුවෙන් කාන්තාවන් පස් දෙනකු ඇතුලු 19 දෙනකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය පවසයි. 06 June 2023
න්‍යෂ්ටික පරීක්ෂණ තහනම බලාත්මක කරන්න කැබිනට් අවසර ශ්‍රී ලංකාව විසින් විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුමෙි විධි විධාන බලාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 06 June 2023
අපිට නොදෙන බදු සහන චීනාට දෙන්නේ ඇයි? ලංකාවෙි වැඩ කරන මිනිස්සුන්ගෙන් බදු අයකරන ආණ්ඩුව චීනෙන් එන අයට බදු සහන දෙන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 June 2023
මිහින්තලේ නා හිමිගෙන් කෝටියක කප්පම් ඉල්ලලා මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 06 June 2023
බදු ක්‍රම දෙකක් ගැන කැබිනට් තීරණයක් එකතු කළ අගය මත බදු (vat) ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටත් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 06 June 2023
නිමල්, බ්‍රහ්මවංශ හිමියන්ගෙන් සමාව ඉල්ලයි අජාන් බ්රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දීමට සිදුවූ අපහසුතාව ගැන උන්වහන්සේගෙන් සමාව අයැද සිටින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 June 2023
ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙි. 06 June 2023
ගම්පොළ පොළොව සෙලවේ ගම්පොළ ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රී සුළු භූකම්පනයක් වාර්තා වූ බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පැවසීය. 06 June 2023
කුරුණෑගල පාස් පෝට් කාර්යාලය අසලින් කාක්කෝ පහක් මාට්ටු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය ආශ්‍රිතව රැඳී සිටිමින් තැරැව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පස් දෙනකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි. 06 June 2023
ඖෂධ මිල මාස තුනකට වරක් සමාලෝචනය කරයි ඖෂධ වර්ග 60 ක උපරිම මිල මෙම 15 වැනිදා සිට බලාත්මක වන පරිදි සියයට සියයට 16 කින් අඩු කිරීම පිණිස සහ සෑම මාස තුනකට වරක් ම ඖෂධ මිල සමාලෝචනය කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 06 June 2023
බෝ නොවන රෝග වළක්වන්න නව කෙටුම්පතක් ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝනොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 06 June 2023
මැති ඇමැති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 June 2023
පානදුර දිසා විනිසුරුට වෙන්කළ නිළ නිවස හොරු කඩලා පානදුර දිසා විනිසුරු සඳහා වෙන් කළ නිල නිවස හොරු කඩා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන බව පානදුර දකුණ පොලිසිය පවසයි. 06 June 2023
මුලතිව් කැලේ පොළොවට එබිකම් කළ පිරිසක් අත්අඩංගුවට මුලතිව් නාගචෝල රක්ෂිතයයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු භූගත සෙවීම් (ස්කෑනර්) යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 06 June 2023
ජාතික සහ පළාත් පාසල්වලට ගුරුවරුන් 39,000ක් ජාතික සහ පළාත් පාසල්වල ගුරු හිඟය සපුරා ගැනීම සඳහා ගුරුවරුන් 39,000ක් බදවා ගැනීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 June 2023
අධිකරණයට අපහාස කිරීමේ පනතට කැබිනට් අනුමැතිය අධිකරණයකට ,විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 06 June 2023
කැරට් 22 රන් පවුම තවත් පහළට ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තව දුරටත් සීඝ්රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 06 June 2023
දන්ත රෝහලේත් ඖෂධ හිඟයක් කොළඹ ජාතික දන්ත රෝහලේ ඖෂධ වර්ග නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. 06 June 2023
එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක් එක්ස්ප්‍රස් පර්ල් සහ ඩයමන්ඩ් යනනෞකා අනතුර සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. 06 June 2023
කුඹුරු ඉඩමට හොර සහතිකයක් දෙන්න ගිහින් අමාරුවේ තමන් පදිංචිව සිටින කුඹුරු ඉඩම ගොඩ ඉඩමක් වශයෙන් නම් කොට ඉඩම් සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් රු.100000 ක් අල්ලසක් ඉල්ලා ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීහු දෙදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 06 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026