ආටෝපවලට වහල් නොවී දිළිඳුන් සමඟ නත්තල සමරන්න රට තුළ දිළිඳුන්ගේ ප්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇති මෙම අවස්ථාවේ නත්තල යනු තනිවම බොරු ආටෝපවලින් විනෝදවීමේ අවස්ථාවක් නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 23 December 2022
ඊශ්‍රායල සාත්තු සේවා රැකියා පෙන්වා මුදල් වංචාවක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ලොතරැයි ක්‍රමයට අනිවාර්යෙන්ම තෝරා දිය හැකි බව පවසා වංචනික ලෙස මුදල් අයකරන පිරිසක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එම කාර්යංශය පවසයි. 23 December 2022
ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 23 December 2022
දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 23 December 2022
සෙල්ලම් බඩු එක්ක කුඩු එවලා යුරෝපා රටවල් කීපයකින් තැපැල් සේවය හරහා ශ්‍රී ලංකාවට එවූ සැක සහිත පාර්සල් හතක සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 16 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 23 December 2022
ඉන්දීය වැසියන්ට නාසික එන්නතක් ඉන්දිය රජයට අයත් ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි නාසික එන්නත ඉන්දියානුවන්ට ලබා දීමට ඉන්දීය රජය අවසර දී තිබේ. 23 December 2022
ඖෂධ හිඟයෙන් පිළිකා රෝගීන් අපහසුතාවට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ පිළිකා රෝගීන් අසරණ වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි. 23 December 2022
තවත් පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා මරයි ඩුබායි රටේ සිටින ගම්පහ පද්මේ නමැති පාතාල සාමාජිකයාගේ සමිපතමයකු යැයි කියන ගිහාන් නමැති පස් ව්‍යාපාරිකයා සීදුව කොටුගොඩ මාර්ගයේ ගලිගන්එලිය හංදියේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි. 23 December 2022
නීතියට නොනැමෙන පොලොන්නරුව වන විනාශය පොලොන්නරුව වැලිකන්ද සූරියවැව රක්ෂිතයේ දිගින්, දිගටම සිදුවන වන සංහාරය නතර නොකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු,වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා සහ මන්ත්‍රීවරුන් මෙන්ම ගොවි නියෝජිතයන් පිරිසක් විනාශය නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී ආයෝජකයකු සහ ගිය පිරිස අතර දැඩි උණුසුම් කතාබහක් ඇති වූහ. 23 December 2022
ප්‍රසන්න රාජ්‍ය නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරයි මහජන ගැටළු විසඳීමට රාජ්‍ය නිලධාරින්ගේ සහය ලැබෙන්නේ නැතැයි ද රාජ්‍ය නිලධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයා බැණුම් අසන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 December 2022
උත්සව සමයේ කේකුත් හිඟ වේ වෙළඳපොලේ පවතින උග්‍ර බිත්තරයි හිගය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් මෙවර උත්සව සමයේ දී කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි . 23 December 2022
කොතලාවලට අලුත් කුලපතිවරයෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ජෙනරාල් එච්.එස්.එච් කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබෙි. 23 December 2022
මුතුරාජවෙල අභයභූමිය හැදීම නැවතිලා මුතුරාජවෙල පරිසර පද්ධතිය අභයභූමියක් ලෙස ගැසට් කළද 2021 වසර වනවිටත් එහි මායිම් ලකුණු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව තිබුණු බව විගණන වාර්තාවක සඳහන් වේ. 23 December 2022
රජ මැදුරේ දේපළ වාර්තාව ලබන සතියේ ජනපතිට අරගලකරුවන් විසින් විනාශ කරනු ලැබූ දේපළ සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව ලබන සතියේදී ජනාධිපතිවරයාට බාර දෙන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය. 23 December 2022
රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි ආයුධ ලැබී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි. 23 December 2022
චීන කොරෝනා ප්‍රභේදය ඉන්දියාවටත් චීනයේ බිහිසුණු අයුරුන් ව්‍යාප්ත වන, ‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ ඉන්දියාවට ද ව්‍යාප්ත වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. 23 December 2022
උපකාරක පන්තිගිය දරුවා මුහුදේ ගිලෙයි හලාවත තොඩුවාව මුහුදෙ දිය නාමින් සිටි පාසල් සිසුවකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් මරණයට පත්ව ඇති බව තොඩුවාව පොලිසිය 23 දින පැවසිය. 23 December 2022
ලංකා සතොස භාණ්ඩ මිල තවත් අඩු කරයි ලංකා සතොස උත්සව සමය ඉලක්ක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 23 December 2022
යුරියා ’’කැටිති’’පොහොර නැවකුත් එයි ලෝක බැංකු ණය මුදලක් යටතේ මිල දී ගන්නා ලද යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් අද (23) පාන්දර කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙම පොහොර තොගය මැලේසියාවේ සිට ගෙන එන ලද්දකි . 23 December 2022
සීෂෙල්ස්-ඕමාන රට රැකියා ජාවාරම් කළ ඒජන්සිය තහනම් කරයි සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගත් බව එම කාර්යංශය පවසයි. 23 December 2022
විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මානව කොමිසමත් ඉදිරියට ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් පැමිණිල්ලකින් තොරව ජනතාව වෙනුවෙන් මැදිහත් වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සූදානමින් සිටින බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 December 2022
අධිවේගයේ අනතුරින් 12ක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැප්ම සහ බද්දෙගම අතර 73/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී භාණ්ඩ ලොරි රථයක් සහ බස් රථයක් ගැටී බස් රථයේ ගමන් ගත් දොළොස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය කියයි. 23 December 2022
කෝටි 25 කොල්ලකරුවෝ මාට්ටු බම්බලපිටිය ස්කෙල්ටන් පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න,දේශීය සහ විදේශීය මුදල් රන් රිදී මුතු මැණික් සහ පිස්තෝල ගිනි අවියක් සොරාගත් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 December 2022
සිසුවියට අරක්කු පොවා දූෂණය කරලා රක්වාන පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 December 2022
ඉදිරි පැය 48 ගැන කාලගුණය කළ අනතුරු ඇඟවීම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 December 2022
කලම්බෝ ස්ටාර්ස් පිල අවසන් මහා තරගයට කලම්බෝ ස්ටාර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය. 23 December 2022
බොරැල්ලේ කෝටි 25 කොල්ලකරු හඳුනාගෙන බොරැල්ල ස්කෙල්ටන් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් කෝටි 25ක් පමණ වටිනා දේපොළ කොල්ල කෑ බව කියන පුද්ගලයා හඳුනාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය 23 December 2022
මාතලෙන් ඇවිත් මහනුවර ගනිකා නිවෙසක් වටලයි මාතලෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අසල සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් තිදෙනකු සහ එහි කළමනාකාරවරිය අත්අඩංගුවට ගෙන තිබේ. 22 December 2022
දේශපාලකයාට හු සංග්‍රහයක් ඇමතිවරයකු වූ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිල රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු දුටු කිසියම් පිරිසක් කෝට්ටේ මහ නගර සභාව ආසන්නයේ දී හූ කියා ඇතැයි වාර්තා වේ 22 December 2022
ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී. ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 22 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026