(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ මුදලින් ගාස්තු ගෙවීමේ ගැටළුවකට මුහුණ දුන් රුසියානු ජාතික යුවලකට සිදුවූ අපහසු තාවය මග හරවා වනෝද්‍යානය නැරඹීමේ අවස්ථාව උදා කර දීමට හොරගොල්ල වන ජීවී නිළධාරීන් පියවර ගැනීමේ සිදුවීමක් අද (26) පෙරවරුවේ වාර්තා විය.
රුසියානු ජාතික යුවල ඹවුන්ගේ කුඩා දරුවාද සමග වේයන්ගොඩ දුම්රියපොළට පැමිණ හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පිටත්ව ගොස් ඇත. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 03 ක් පමණ දුරින් පිහිටි හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ඹවුන් ගමන් කළ කුලී ත්‍රී රෝද රිය රුපියල් 3000.00ක මුදලක් අය කර ඇත.
දිවයිනේ විවිධ ස්ථාන වල සංචාරය කිරීමෙන් අනතුරුව ආපසු යාමට පෙර මෙම යුවලගේ ගමනාන්තය වී ඇත්තේ හොරගොල්ල ජාතික වනෝද්‍යානයයි. මෙසේ රට වටේ යාමෙන් ඔවුන් අත තිබූ මුදල් අවසන් වී ඇති අතර ත්‍රීරෝදයේ කුලිය ගෙවීමෙන් පසුව ඔවුන් අත ඉතිරිව ඇත්තේ රුපියල් 2000.00 ක මුදලක් පමණි.
හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට ඔවුන් අත ප්‍රමාණවත් මුදලක් නොතිබීම හේතුවෙන් ඔවුන් බැංකු කාඩ් පතෙන් මුදල් ගෙවීමට කටයුතු කර ඇතත් ඒ සදහා පහසුකම් එහි නොවීමෙන් විදේශික යුවළ මෙන්ම වන නිලධාරීන්ද මහත් අපහසුතාවයකට පත්ව ඇත.
පස්වරුවේම ඔවුන් ගුවන් ගමනේ යෙදීමට නියමිතව තිබිණි. අවශ්‍ය තරම් මුදල් අත නොතිබිම නිසා වන උද්‍යානය නැරඹිමේ අවස්ථාව ගිලිහි යාමට තිබියදි වන නිළධාරීන් සිදු වී ඇති දෙය පිළිබදව හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ ස්ථන භාර නිළධාරී ඒ. විජේසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
විදේශික යුවල පත්ව ඇති තත්ත්වය පිළිබදව වටහා ගත් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් උසස් නිළධාරීන්ගේ උපදෙස් පතා ඇත්තේ කිසියම් සහනයක් යුවලට ලබා දීමේ අදහස ඇතිවය. අනතුරුව විශේෂ අවසරයක් මත විදේශිය යුවළට වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දිමට වනෝද්‍යානය භාර නිලධාරී පියවර ගෙන තිබිණ.
වන ජීවි නිළධාරීන්ට අනේක වාරයක් ස්තූති කරමින් විදේශීය යුවල ඔවුන්ගේ දරුවා සමග ඉතාම සතුටින් වනෝද්‍යානය නරඹා ආපසු පිටත්ව ගියේ ශ්‍රී ලාංකිකයන්ගේ සත්කාරය හා ශ්‍රී ලංකා නාමය හදවතේ රදවා ගැනීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ මීටර් තුනක් යන්න රුපියල් තුන්දාහක් ගත්ත කෙනාගේ දෙමාපියන්වත් සතුටින් මතක් කරන්න ඇති....!
වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 03 ක් පමණ දුරින් පිහිටි හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ඹවුන් ගමන් කළ කුලී ත්‍රිරෝද රිය රුපියල් 3000.00ක මුදලක් අය කර ඇත.
ත්‍රිවිල් කාක්කන් ගැනත් විස්තර ප්‍රසිද්ධ කළා නම් හොඳයි. ආයේ නොකරන්නම...
කුලී රථයක් නම් මීටරය අනිවාර්යෙන් තිබිය යුතු බව මේ දූපතේ වහල් මන්ද බුද්ධිකයින්ට වැටහේවා. පණ්ඩිත කතා එමටයි. මූලික නීති රීති ටිකවත් නෑ. මොන හදිස්සිය තිබ්බත් මීටරය නැති කුලී රථයකට ගොඩ වෙන්න එපා...
ත්‍රිරෝද රථ දැඩි නියාමනයකට යටත් කළ යුතුයි. සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට නම් අනෙක් අතට කාඩ් එකකින් සල්ලි ගෙවන්න බැරි ආයතන මොකටද?
ත්‍රීවීල් මහත්වරුනි, සාධාරණ මුදලක් අයකර තම සේවාව සපයන්න. එය ඔබේ ආත්ම සියල්ලටම ඵල දෙනු ඇත. එසේම විනයක් ඇතිව ධාවනය කරන්න. නැතහොත් ඔබ සදාකාලික ත්‍රීවීල් රියැදුරෙක්ම වනු ඇත.
හිතූ හිතූ ගනන් අය කරන ත්‍රීවීල් රියදුරන්ව පාලනය කරන්න මොකක් හරි පියවරක් රජය ගන්න වෙනව නැතිනම් ලන්කාවට කලු පැල්ලමක් එකතුවෙන එක නිසැකයි.
ත්‍රිරෝද රථ රියදුරන්ට මේ ආකාරයට විදේශිකයන් කොල්ල කෑමට නොහැකි වන නීති සකස් කර යුතුයි.රටේ ගෞරවය ආරක්ෂා කළ බුද්ධිමත් නිලධාරීන් අගය කළ යුතුයි.
මෙ වගෙ වැඩකරන ත්‍රීවීලර කාරයො තමා පාරෙ යන වාහන වල හප්පල චුත වෙන්නෙ.
ලංකාවෙ අයටත් ඔහොම දෙයිද දන්නෑ
ත්‍රී රෝද නොබෝ කලකින්ම අතුගෑවෙන දෙයක්... ටැක්සි සේවා ඊට වැඩිය බොහෝ අඩුමිලට සේවය දෙනව. ගම්පහ ඉඹුල්ගොඩ හන්දිය රියදුරන් කිලෝමීටරයකට 160-200 අයකරනව. එක මිලක් නෑ.ඒත් ටැක්සි රු සීයට ඒ දුරම දුවනව...
ත්‍රීවිල් කාරයෝ තමන් විසින් නැහෙනවා. මේක ළඟදීම නවත්වයි . යන දුරයි, ත්‍රීවීල් ඒකේ නොම්බරයයි තියෙන ටිකට් එකක් නිකුත් කරන්න අනිවාර්ය කෙරුවනම් ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.
හැම ත්‍රිවිල් රියදුරෙක් ම එහෙම නෑ, හොඳ මහත් මා ගුණ ඇති එවුන් ඉදහිට හමුවෙනවා සියයට හත්අට දෙනෙක් තමයි නැත වැඩ කරන්නේ