(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල,රාජිත සේනාරත්න, කුමාර වේල්ගම, චන්දිම වීරක්කොඩි, එම්.එස් තවුෆික්, ඉම්රාන් මහරූෆ්, හේශා විතානගේ සෙල්වරාජා කජේන්ද්‍රන්, චමින්ද විජේසිරි, එස් වේලුකුමාර් ගයන්ත කරුණාතිලක,අශෝක අබේසිංහ,කබීර් හෂීම්, කාවින්ද ජයවර්ධන, තුෂාර ඉඳුනිල් අමරසේන, කින්ස් නෙල්සන්, වරුණ ලියනගේ, පාඨලී චම්පික රණවක ඩබ්ලිව් එච් එම් ධර්මසේන, වී රාධක්‍රිෂ්ණන් , එස් එම් මරික්කාර් හර්ෂණ රාජකරුණා, වසන්ත යාපා බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා , නිරෝෂන් පෙරේරා, බුද්ධික පතිරණ, ජේ සී අලවතුවල, ජයරත්න හේරත්, සුජිත් සංජය පෙරේරා, නලින් බණ්ඩාර ජයමහ, දිලිප් වෙදාරච්චි, තලතා අතුකෝරාල, ඉෂාක් රහුමාන් අජිත් මානප්පෙරුම, හෙක්ටර් අප්පුහාමි,මයන්ත දිසානායක, රෝහණ බණ්ඩාර, මනෝ ගනේෂන් විජිත හේරත් එම් උදය කුමාර් , ආචාර්ය හරිනි අමරසූරිය සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරු වෙති.
අමාත්‍යවරයා සිය මූලික යුතුකම් පැහැර හැර ඇති හෙයින් ඔහුගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ඔහුට තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොමැති බවට පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවත් එම මන්ත්‍රීවරු ඒ විශ්වාසභංග යෝජනාවෙන් දැනුම් දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
134 දෙනාගෙන් දිනන එක ජයක් නොවේ... රටේ සමස්ත ජනතාව අතරේම සෞඛ්‍ය අමාත්‍යාංශය අප්‍රසාදයට පත්ව ඇත.
මේකෙන් අනිවාර්යයෙන් කෙහෙළිය දිනනවා .පොහොට්ටුවේ යනු කුඩුකාරයෝ ,මිනීමරුවෝ ,මලහොරු නායකත්වය දෙන සෙට් එකක් .ඔවුන්ට රටේ මිනිසුන්ගේ ජීවිත ගැන කිසිම වගතුවක් නැත