(යොහාන් භාසුර)
දරුවන් සිටින කාන්තාවන් විදේශ ගතවීමේදී අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකුත් කරන ‘ඩීඑස්4’ සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
වයස ඇවුරුදු 2 ත් 18 ත් අතර දරුවන් සිටින කාන්තාවන් එම ‘ඩීඑස්4’ සහතිකය ඉදිරිපත් කළ යුතු බවත් එම කාන්තාවගේ රැකියා ඉල්ලුම්පත අදාල ග්‍රාම නිලධාරී සහ පිළිගත් නොතාරිස්වරයෙක් සහතික කරන්නේ නම් පමණක් එම සහතිකය නිකුත් කරන බවත් එම කාර්යංශය කීය.
දරුවන්ගේ ආරක්‍ෂාව සහ අධ්‍යාපන කටයුතු පිළිබඳව භාරකරුවන් සහතික කරන ලේඛණ ද ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා රට නොයවා තාත්තලා ඒ බර කරට ගන්නේ නම් මැනවි. තාත්තා නැති ගෙදරක නම් අම්මට රට ඇතුලෙම කරන්න රැකියා එමටවත් ඇත. දරුවන් තනිකර රට රට වල කුලී වැඩ වලට ආවම මවත් , මවි බිමත් දෙකම විනාශ වෙනවා