
(සිතුම් චතුරංග)
වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවෙසක උපන්දින සාදයක් අතරතුර කඩු පහර කෑ තවත් තරුණයකු යාපනය පෞද්ගලික රෝහලකදී අද අලුයම මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් එම ස්ථානයේදීම මියගිය 21 හැවිරිදි තරුණියගේ සැමියා වන සත්ගුණකුලසිංහම් සුගන්දන් (35) නමැත්තා එලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම නිවසේ පැවති උපන්දින සාදයක් අතරතුර පසුගිය 23 වැනිදා දහදෙනකුගෙන් යුත්පිරිසක් නිවසට කඩාවැදී නිවැසියන්ට පහරදී ඇති අතර පසුව ඔවුන් නිවස ඇතුලට දමා ගිනි දමා තිබුණි.
ඒ සමඟම නිවස ගිනිගෙන තිබූ අතර ගින්නෙන් ළමයින් සිව්දෙනකු හා කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කරනු ලැබූ අතර ෆාතිමා සමීමා සහීඩීන් යන 21 හැවිරිදි තරුණිය පහරදීමෙන් ලද තුවාල සහ ගින්නට හසුවී මියගොස් සිටියහ.
එහිදි බරපතල තත්වයේ සිටි පුද්ගලයා වවුනියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී යාපනය පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කරනු ලැබූ අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අපරාදයට වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඩුවම් දිය යුතුයි. අමුම අමු තිරිසන්නු.
මෙය අගමික අන්ත්වාදීයි කල්ලියක් විසින් පකිස්තානයෙ මෙන් කරනලද සාපරාදී ක්‍රියවක් මෙන් පෙනෙනව
10දෙනා තාම එලියෙද???