(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ. ජයකොඩි)

වේයන්ගොඩ මාරපොළ ප්රටදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් පෙරේදා (25 වැනිදා) පස්වරුවේ වටලා, සැකකාරියක හෙරොයින්, ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්රත හා ජංගම දුරකතන සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ මාරපොළ ප්‍රෙද්ශයේ පදිංචි තිදරු මවකි.

අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 6ක්, විදෙස් ගමන් බලපත්ර  5ක් සහ ජංගම දුරකතන 8ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාරිය ඇයගේ නිවෙසට යාබදව පිහිටි කැලෑබද ප්‍රෙද්ශයක ඇති විශාල ගසක් උඩ, කිසිවකුටත් නොපෙනෙන අයුරින්, ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති අට්ටාලයක සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය කියයි.

මුදල්, මල්ලක දමා ලණුවක් ආධාරයෙන් අට්ටාලයට යැවීමෙන් පසුව, අට්ටාලයේ සිට පහළට කුඩු එවීම කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අට්ටාලයේ සිට අවට ප්‍රදේශයේ විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකි බවත්, බාහිර පුද්ගලයන් පැමිණීම අට්ටාලයේ සිට නිරීක්ෂණය කර ඇති බවත් පොලීසිය කියයි.