
(යොහාන් භාසුර)
රටේ පැවති විවිධ තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත්ව සිටින ගායක ගායිකාවන් ඇතුළු එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ නියැලී සිටින බොහෝ දෙනකුගේ ආර්ථිකයට ශක්තියක් වූ 'අවුරා ලංකා ' සංගීත ප්‍රසංග මාලාවට බාධා නොකරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා කර විසඳාගත යුතු බවත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ඇතුළුව බොහෝ දෙනෙක් අද (26) පැවසූහ.
'අවුරා ලංකා ' සංගීත ප්‍රසංග මාලාවේ නවවැනි ප්‍රසංගය පැවැත්වෙමින් තිබියදී එය අත්හිටුවීමට පොලීසිය කටයුතු කළ බවත් පරිසරයට හෝ කිසියම් කෙනෙකුට ඉන් හානියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කතා කර විසඳුමක් ලබාගත හැකි බවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ 100 කට අධික පිරිසක් කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද පස්වරුවේ පැවසූහ.
'අවුරා ලංකා ' ආයතන සංගීත සංදර්ශන පැවැත්වීම පමණක් නොව සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ සෙසු පිරිසගේ සුභසාධනය මෙන්ම පුහුණු වැඩමුළු පැවැත්වීම ආදී සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන බවද එහිදී ශිල්පීහු රැසක් පැවසූහ.
එම මාධ්‍ය හමුවට ප්‍රවීණතම සහ ජනප්‍රිය ගායක ගායිකාවන්, සංගීත කණ්ඩායම්, නිවේදක නිවේදිකාවන් සහ නර්තන කණ්ඩායම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.
ප්‍රවීණ සංගීතඥ ටී. එම්. ජයරත්න, දයාන් විතාරණ, රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය සංගීත ශිල්පීන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
(ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවලින් බැට කාපු කලා කරුවන්ට ඔලුව උස්සන්න ඉඩ තියෙන්න ඕන. යම් නියාමනයකට යටත්ව. සල්ලි ම කියලා සියල්ල විනාශ නොකර.
වැලි නෙමෙයි...තණකොලයි පුන්නක්කුයි කාපල්ල..පල් හොරෙක් කරේ තියන් ලැජ්ජ නැතුව...
ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා කර විසඳාගත යුතු බවත් දැන්ද කිරි එරුනේ .ප්‍රසිද්ධ ලිකිත මාධ්‍ය තුලින් ප්‍රවෘර්ති අනුවනම් එහෙම දෙයක් වෙලා නැහැනේ .චන්ඩි පාට් දාලා තියනවලු නේද ?කොයි කොයි කිල්ලෝටෙත් හුණු තියනවලු නේද ?පහුගිය දවස්වල තවත් චන්ඩියෙක් ගිහිල්ලා කොත්තු කාලා තිබුනේ
සල්ලි වලට කලාකාරයෝ තරම් දෙකට නැවෙන ජාතියක් තවත් නෑ. ඔලුව ඉදිමිච්ච මුදලාලිව රැකගන්න දඟලන දැඟලිල්ල
ආණ්ඩුව ට දැන් ආතක් පාතක් නැහැ . සියල්ලම අනාගනිමින් ඉන්නව . අයාලෙ යනවා . කියන කරන දේ දන්නෑ . රුපියල හිටු කියල බාල්දු වෙනව. නැවතත් අරගලයකට මග පාදනව.
ඔයගොල්ලන්ගෙ බත් පතට වැලි නොවැටී උතුරු මැද පලාතේ සුව හසක් ජනතාවගේ බත් පතට වැලි වැටුනට කමක් නැහැ. ඒකනෙ ඔයාල ඔය කියන්නෙ. ඔය මිනිහා පට්ට හොරෙක්. රටටම කෙලවූ දේශපාලන මහ එකෙක් සමග ලෝකල් එකෙක් අල්ලගෙන අපේ ඉඩම් අක්කර ලක්ශ ගනනක් අල්ලගෙන රටට කරන්න හදන මහා පාරිසරික ව්න්නැහිය ගැන ඔයාලත් හොදටම දන්නවා, ඒක වහගන ඔයාලගෙ වාසිය ගැන විතරයි ඔයගොල්ලො කතා කරන්නෙ. ඔයාලටත් මාද්දියටත් එයා සරුවට ගෙවනවනෙ.. ඒකනෙ. දේශපාලන හයියෙන් පොලිසියටත් පාට් එකක් දාල දැන් අයියා ඉන්නෙ ඇප පිට. එහෙවු එකෙකුටයි මෙයාලා මේ කහින්නෙ... ලැජ්ජයි හලෝ.
කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි
කැලේ තියෙන්නේ සතුන්ට මිසක් ඔහෙලට ගිහින් ජෝගි නටන්න නෙවෙයි. එම නිසා කරුණාකර සංගීත ප්‍රසංග සදහා වෙන තැනක් තෝරා ගන්න.
සංගීතේ එල්ලිලා ඉන්න කූඩැල්ලො මිසක් එකෙක් නෑ වැඩකට ඇති ගුණාත්මක දෙයක් කරන්න පුලුවන් එවුන්. ටී.එම්. වැන්නන්ගේ නම ඉස්සරහට දාල ගම කන එවුන්. ලැජ්ජා නැති මාධ්ය සාකච්චා
අනේ අපිට සිංදු ඕන නැහැ .කරුණාකරලා අපිට නිදහසේ නිදාගන්න දෙන්න .මීට විශ්වාසී නරියෙක්
ඔය "අවුරා ලංකා" කියන ව්‍යාපාරිකයෙක් එක පාරටම අහසින් පාත්වෙලා, අතින් වියදම් කරගෙන ලාංකික ජනතාවට සංගීත ආශ්වාදය ලබාදෙන්න ඕනා උනේ ඇයි කියලා ඔය කාට හෝ හිතාගන්න පුලුවන්ද? දැන් එක පාරටම ඔහුට දුෂ්ඨයෙකුත් හමුවෙලා. ඒ දුෂ්ඨයාට එරෙහි කළා කල්ලියකුත් බිහිවෙලා හෙට අනිද්දට ඔහුත් මේ සිරි ලංකාවේ වීරයෙක්. තම තමන්ගේ යටි අරමුණු වෙනුවෙන් පහුගිය කාලේ මේ රටම ඇන්දූ කළා කරුවන් යයි කියා ගන්නා නලා කරුවෝ ගැන අපට අමතක නැහැ. දැන් මේ අල්ලන්න යන්නෙත් එසේමෙසේ අඩව්වක් නොවන බව නම් පේනවා..තව ටික දවසකින් දේශපාලකයෙක් ඇවිත් විසඳුමක් දෙයි කට්ටියට. එතකොට ඉතින් හිටගෙනම කඩේ යන්න පුළුවන්....
උඹලා මහ රෑවෙනක් බජව් දාලා අපේ නින්ද නැති කොරන්න එපා. අපි උඹලාගේ බජව් බලන්න කාලේ කන්නේ නැහැ.