(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මෙම වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රය ටවැඩබලන විදුහල්පතිවරයා සහ පන්ති පන්තිභාර ගුරුවරිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිත් වේදනාවට පත් වූ බව කියන පන්විල පොලිස් වසමේ පිහිටි පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවියක්ඖෂධ වර්ගයක් අධිමාත්‍රාව කින් පානය කිරීම නිසා රෝගාතුර ව පේරාදෙණිය ශික්ෂණ රෝහලට අද(26) ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

 සිසුවිය නාරම්පනාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

ඖෂධ අධි මාත්‍රාවක් පානය කරරෝගාතුර වූ සිසුවියක්  පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව එම රෝහල් පොලීසිය  පන්විල  පොලීසියට දැනුම් දී තිබේ.

පන්විල පොලිසියේ නිලධාරියෙක්පේරාදෙණිය ශික්ෂණ රෝහලට  ගොස්එම සිසුවෙකුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත. 

 තමන් ඉගෙනුම ලබන පාසැලට අපොස උසස් පෙළ විභාගයෙ අයදුම් පත්‍රයට අත්සන ලබාගැනීමටගිය අවස්ථාවේ එහි වැඩබලන විදුහල්පතිවරයා සහ දහතුන්වෙනි  වසරේ පංතිභාර  ගුරුවරියඑයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ බව සිසුවිය පොලිසියට ප්‍රකාශකර ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුව නිසා මෙවර පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වන බැවින් ඒ ගැන සිත් වේදනාවට පත් වීදිවි නසා ගැනීම සඳහාමවගේ රෝගී තත්ත්වයකට ගෙනවිත් තිබූ ඖෂධ වර්ගයක් අධිමාත්‍රාව කින්  පානය කළ බවසිසුවිය පවසන්නේ යැයි යැයි පොලිසිය සඳහන් කරයි.

පන්විල පොලීසියසිසුවිය කල ප්‍රකාශ මත මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.