(යොහාන් භාසුර)
සංචාරක සේවා සැපයීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිකුත් කරන බලපත්‍රය නොමැතිව සංචාරකයන්ට සේවා සපයන පුද්ගලයන් හදුනාගැනීමේ වැටලීම් ආරම්භ කර ඇති බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
සීගිරිය සංචාරක කළාපයේ සංචාකරයන් සේවා සපයන පුද්ගලගයන් පරීක්‍ෂා කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ද එම අධිකාරිය සදඟන් කරයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රය නොමැති ඇතැම් පුද්ගලයන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස මෙන්ම සංචාරකයන්ට සෙසු සේවා සැපයීමෙන් ගැටලු මතුවී ඇති බව ද එම අධිකාරිය වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd