(යොහාන් භාසුර)
දන්ත වෛද්‍ය සේවාවට අවශ්‍යය ඖෂධ හා උපකරණ නොමැති විම නිසා ජාතික දන්ත රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දි තිබේ.
සමාන්‍ය දන්ත ප්‍රතිකාර ,විකලාංග දන්ත ප්‍රතිකාර ,දන්ත සංරක්ෂණ ප්‍රතිකාර, දන්ත සායනවල ක්‍රියාත්මක නොවන බවත් දන්ත සේවාව පවත්වාගෙන යාමට ඖෂධ හා උපකරණ වර්ග 2000 දෙදහකට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වුවද 2021 වසරේ සිට අවශ්‍ය උපකරණ හා ඖෂධ නොලැබුණු බවත් එම සංගමය පවසයි
අවශ්‍ය ඖෂධ හා උපකරණ 230 ක් කඩිනමින් නොදුන්නහොත් දන්ත සේවාව බිඳවැටිම නතර කළ නොහැකි බවද සේඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් සහ එම සංගමයේ නියෝජිතයින් අතර ඊයෙ පැවති සාකච්ජාවේදි පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු වැඩක් නේ කරන්න තියෙන්නේ .යන්න කට්ටියම ගලවන්න 225 හේම සියලු දත් .පැය විසිහතරක් යන්න මත්තෙන් සියලු අවශ්‍යතාවයන් සපුරාවි .දැනෙන්න ඕන ඒගොල්ලන්ට මහජනයාට දැනුනට කමක් නැත