(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ ජනාධිපති පුටුවේ වාඩි වී සිට තමන්ගේ වැඩ කර ගැනීම නොව රට හරි තැනට ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට නිදහස ලබා ගන්නා විට ඩී.එස් සේනානායක මහතාගේ අදහස වූයේ සියලු ජාතීන් එකතු කර ගැනීම බව කී විජයවර්ධන මහතා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ රටේ ආර්ථික ගැටලු හදා ගැනීමට නම් සියලු දෙනා එකතු විය යුතු බව යැයි පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් සඳහා දැන් විවිධ පක්ෂ වලට ඡන්දය දුන් ජනතාව පැමිණෙමින් සිටින බව කී විජයවර්ධන මහතා රට හදන්න නම් සියලු දෙනා එකතු විය යුතු බව රටේ පොදු ජනතාවට දැන් වැටහෙමින් තිබෙන බවද සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පාක්ෂික හමුවක් අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කරන්නේ දුශිත පවුල් පාලනේ උන්ව රකින එක ?
DS කරපු දේත් බලන්න 1936 1947 ලියවී තියෙන පොත් පත් වල
ඩී.එස් සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂය යනු සියලු ශ්‍රී ලාංකිකයින්ගේ පක්ෂයයි... ජාතිවාදී, අන්තවාදී, ආගම්බේද නොමැති ලෝකය සමග එක්ව ගමන් කරනා පක්ෂයකි...
ඔව් ඔව් අපට පේනවා දැන් දැන් ඇවිදින්නෙත් ඒ විදියට තමයි
ඔයා කරන්නෙත් ඩීඑස්ගෙ ඩෝබි කරපුදේමයි......
රුවන්, ඩී.එස් දූෂිත රනිල් සමඟ සංසන්දනය කරන්න එපා. ඩී.එස් අරලියගහ මන්දිරයේ සිට අසල පිහිටි පොල්වත්තේ පන්සලට ගියේ තනිවම පයින් ! අනික ඩඩ්ලි, සර් ජෝන් කොතලාවල, විජයානන්ද අපිට හිටපු ආදර්ශමත් නායකයෝ.
D S පිහිටවපු ජනදඩ ව්‍යාපාරය රනිල් කලාද ? D S කෘශිකර්මන්තය නගා සිටුවන්නට කල වැඩ කොටසෙන් එකකක් රනිල කලාද අවුරුදු 50ක් දේශපාලයෙ ඉදලත් ? D S කවදද උතුරෙ හිටපු අන්තවාදීන්ට ගිවිසුම් ගහල රටෙ බලය දුන්නෙ ?