මිල කළ නොහැකි පිළිමයක්-පිත්තල පහන් ගල් කරන්න හැදූ සාමි ඇතුළු දෙකක් මාට්ටු
ගාල්ල, කච්චුවත්ත, පුරාණ විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබි මිල කළ නොහැකි කතරගම දේවියන්ගේ පිත්තල පිළිමයක්, සරස්වති හා විෂ්ණු දේවියන්ගේ පිළිමයක් ත්රිශුලයක්, සලඹ 52ක්, සිනු 32ක් හා පිත්තල පහන් 08 ක් සොරකම් කළ පුද්ගලයෙකු සහ මෙකි භාණ්ඩ ළග තබාගෙන සිටි සාමිවරයකු අද (25) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.