(කුෂාන් ජයවර්ධන)
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියකි.
අද(27) දිනයේ අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුලදී ඇය අධිකරණ ලේකණාගාරයේ තිබු ඉඩම් නඩුවකට අදාල නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇතැයි පොලිසිය කියයි.
සිද්දිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ලේඛනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා නිලධාරිණියන් විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දිමට පියවර ගෙන ඇත. එම අවස්ථාවේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියන් සැකකාර නීතීඥවරිය පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇය විසින් සපා විනාශ කර තිබූ ලේඛන කොටස් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවෙලේම බඩයන්න දුන්නානම් තමයි හොඳ. දේශපාලනයේ හෝ වේවා වෙනතැනක උනත් ලෝයරයෙක් ගෑඋනොත් එතන විනාශයි.
පවු, කුසගින්නේ හිටපු කාවියක් වෙන්න ඇති. ඇයට සමාව දෙමු.
පිළිකුල් සහගත වැඩක් .මේවගේ අයවලුන් උසාවියට විතරක් නොවෙයි කොහෙවත් වැඩ කරන්න සුදුසු නැත
මොකද ඉතින් රිමාන්ඩ් කලේ නැත්තේ? නීතීඥවරියක් නිසාද?
ගෞරවනීය වෘත්තීයකට නොගැලපෙන ජාන තියන අය සෙට්වුණාම ඔහොම තමයි...