
(ඉන්දිකා රාමනායක)
සියයට 6 ක ආකාර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසමින් කුරුණෑගල පිහිටි මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 900 ට අධික මුදලක් වංචා කර සැඟව සිටින සැකකරවකු අත්අඩංගුවට ගැනීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම මුල්‍ය ආයතනයේ වෛද්‍යවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ හා පෞද්ගලික අංශ සේවයකන් ඇතුලු විශාල පිරිසක් මෙම ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත.
සියයට 6 ක ආකර්ෂණීය පොලිසියක් ලබා දෙන බවට පවසා 2020 වසරේ සැකකරු මෙම මුල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ගතවු වසර කිහිපය තුළ 8000 ට ආසන්න තැපන්පත්කරුවන් මෙම මුල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මුල් කාලයේ සැකකරුවන් තැන්පත්කරුවන්ට සියයට 6 ක පොලියක් ලබා දී ඇති බවත්, පසුව එය සියයට 3 දක්වා අඩුකර, පසුව එම මුදලද ගෙවීම පැහැර හැර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල නම් ජොන්ස්ටන්ලට කප්පම් නොගෙව ඔහොම දෙයක් කරන්න බෑ..ඒක හින්ද ඕකව හොයාගන්න ඕනෙ නම් ජොන්ස්ටන්ල වගේ තක්කඩින්ගෙන් තමයි හොයන්න වෙන්නෙ.
වෛද්‍ය වරුන්, ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ හා පෞද්ගලික උසස් නිල්ධාරීන්න්අ යන අයට අයත් කළු සල්ලිවලට මෙහෙම වෙලාමදි. මෝඩ කමට බෙහෙත් නැතිලු…!
අනිවාර්යයෙන්ම ලොකු දේශපාලන බලවේගයක් මේ පිටුපස සිටින බව අනුමාන කල හැක....
මේක තමයි ගැටලුව. ඔබට 6% මාසික ප්‍රතිලාභයක් හෝ 72% වාර්ෂික ප්‍රතිලාභයක් ගෙවිය හැක්කේ කෙසේද? මේ අය මේ වංචාවලට ආයෝජනය කරන තරමට මෝඩයි.
පේනව නේද? වෛද්‍යවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ හා පෞද්ගලික අංශ සේවයකන් .. මුන් වගෙ ගොන් රලක් එක්කද මෙ රට ගොඩගන්නෙ? මුන් රට හරක්....දේශපාලකයො මුන්ව රවට්ටන එක අහන්න දෙයක් නැහැ...පුදුම කාලකන්නි මොඩ හුත්තො ටිකක් මෙ රටෙ ඉන්නෙ.