
(සුමිත් පොතුපිටිය)
අවුරුදු තුනක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් අද රාත්‍රි කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ ගොඩගසා ඇති මළසිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිසිය කීය.
කළුතර උතුර ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී ධීවරයකු සිරුර දියමත පාවෙන සිරුර දැක ඇතත්, ටෙඩි බෙයා හෝ විශාල බෝනික්කකු යැයි සිතා ගොඩගෙන නොමැති බවද ප්‍රදේශවාසින් පැවසීය.
කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට සිරුර ගොඩගසා තිබූ අතර උඩුකයට රෝස පැහැති ඇදුමක් සහ යටකය නිරුවස්ත්‍රව තිබූ බවද සදහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දරුවන් ගැන අහන්න ලැබෙන්නේ බොහොම නරක දේවල් .කාමාතුරයකුගේ ගොදුරක් වූ දැරිවියක් වත්ද ?