
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කරමින් දින ගණනාවක් කුරුණෑගල ප්‍රදේශය බියට පත් කළ වන අලියා අද (27) සවස වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදී අල්ලාගත් බව වනජීවී නිලධාරීහු පවසති.
කුරුණෑගල, කීනගස්පිටිය, දෙමටළුව, හංහමුණුව, වල්පොල, වාරියපොල හරහා කිලෝමීටර් 30 ක පමණ දුරක් ගෙවාගෙන අද උදෑසන වනවිට පාදෙණිය ප්‍රදේශයට පැමිණි වල් අලියාගේ අඩි සළකුණු ඔස්සේ පැමිණි වනජීවී නිලධාරීහු පාදෙණිය මුවන්වැල්ල ප්‍රදේශයේ වැවක සිටියදී වන අලියා සොයා ගැනීමට සමත් වූහ.
මේ වනවිට පාදෙණිය රජමහා විහාරස්ථානය පිටුපස පිහිටි වැවේ අලියා බැද තබා ඇත. වන අලියා අවුරුදු 20 -25 පමණ වයසේ පසුවන බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය වරු කියති. හෙට දිනයේදී වන අලියා වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් මුදාහැරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කල දේශපාලන අලියන් අල්ලන්නේ කවදාද?
ලංකාවම හොල්ලන වල් අලියට මුකුත් කරන්න කවුරුත් නැහැනේ