(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හිස් උණ්ඩයක් සහිත රන් පැහැති මාලයක් පැලඳගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශයේ පිරිසුදු කිරීමේ අංශයේ සේවයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 ,මෝදර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු, මුදල් අමාත්‍යංශයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා පෞද්ගලික ආයතනයක් මගින් යොදවා ඇති අයකු බව ද පොලිිසිය කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවක යොදී ඇති අතර ඊට පෙර සිදු කළ මෙහෙයමුකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කාලයක සිට මෙම හිස් උණ්ඩය රන් පැහැති මාලයේ රඳවාගෙන ගෙලේ පැළඳ සිට ඇති බව කියති.

කොටුව පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.