IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපතිගේ ’’සීල්’’ උත්සාහය අසාර්ථකයි

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා  සර්වපාක්ෂික සමුළුවේදී  13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින්   තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට  ගත් උත්සාහය  පූර්ණ වශයෙන් අසාර්ථක වූ බව  නිදහස ජනතා සභාවේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  මහතා පැවසීය.

සර්ව පාක්ෂික සමුළුවක්  නොපැවැත්විය යුත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා ලෝකයටම පෙන්නූ  බව සඳහන් මන්ත්‍රීවරයා ඉතිහාසය පුරාම සිදු වූ දේශපාලන සූදු කෙළිය දැන්වත් නතර කරන්නැයි  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

පළාත් පාලන ඡන්දය  අනීතික ව කල් දමමින්  බලය බෙදීමේ ආකෘතිය වූ පළාත් සභාද අක්‍රිය කිරීමට  ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේ  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  බවද ඔහු කීවේය.

අලහප්පෙරුම මහතා මෙසේ පැවසූවේ අද (28) පැවති නිදහස ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම සර්ව සර්වපාක්ෂික සමුළුව සැබෑ චිත්‍රය ජනතාව නොදුටු බවත් ජනතාව දුටුවේ සංස්කරණය කරන ලද කොටස් පමණක් බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

නමුත් එහි ඇත්ත කතාව එය නොවන බව පැවසූ මන්ත්‍රීවරයා මෙය අසාර්ථක සමුළුවක් බවද ප්‍රකාශ කළේය.

කුඩාම පරිපාලන ඒකකයට බලය දීමට අකමැති රාජ්‍ය නායකයා, පළාත් සභාවලට දහතුන්වැනි සංශෝධනය අනුව බලය  දෙයි ද යන්න ගැන බරපතළ සැකයක් මතුවන බවද  ඔහු පැවසුවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය වංචනික යි  ප්‍රෝඩාකාරී කියන එක මේ වනවිට  ඔප්පු වෙලා ඉවරයි .

අපි අවසාන වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දරුවන්ගේ රටේ ජනතාවගේ අනාගතය සමඟ මේ සෙල්ලම දිගටම කරන්න එපා කියන එකයි.



අදහස් (3)

ජනපතිගේ ’’සීල්’’ උත්සාහය අසාර්ථකයි

මැක්ස් Friday, 28 July 2023 04:10 PM

මේ ෆෙඩරල්වාදීන්ගෙන් පරෙස්සම් විය යුතුයි. මතකයිනේ එක සැරයක් ඔක්කෝම අතහැරලා ඇමෙරිකා ගියා. මෙයා මිලින්ද මොරගොඩගේ ගෝලයෙක් බවත් අමතක කරන්න එපා...

:       8       12

කිරිපුතා Friday, 28 July 2023 04:23 PM

පළාත් සභා කියන්නේ සුදු ඇතෙක් වග ඉතාම පැහැදිලියි. ඒක රටට අනවශ්‍ය බරක් විතරයි. මෙතුමා හොඳ කෙනෙක් තමයි. නමුත් දේශපාලනිකව කතා කරනකොට ඇත්ත කියන්නේ නෑ. පළාත් සභා ඕනැත් නෑ. 13 ඕනත් නෑ.

:       3       14

සල්ලි Saturday, 29 July 2023 03:22 PM

ප්‍රසිද්ධියේ බනිනවා, පීචන් කරනවා... අප්‍රසිද්ධියේ බදා ගන්නවා, පාටි දානවා. අපි ආයේ ඕවාට රැවටෙන්නේ නෑ ඩලස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site